මගේ පර්ස් එක ?
ඒක අම්මලාගේ ගෙදර මම දාලා ආවා නේ..කොහොමද ඒක නෙතිල් අයියාගේ කාමරේට ආවේ ?
මුකුත් හිතා ගන්න බැරැව phone එක අතට ගත්ත මම එක දිග ඇරලා බැලුවම මගේ ඇස් දෙක එලියට පනින් සයිස් එකට ලොකු වුනේ තිබ්බ තිබ්බ පන්දාහේ කොල තොගේ දැකලා..
දෙයියනේ මම බැංකුවක් කඩලා වගේනේ ? කාගෙද මේ සල්ලි ?
සල්ලි තොගේ දැකලා අතපයත් ගැහෙද්දී මම පර්ස් එක තව හොඳට බැලුවේ තව මොනා හරි තියෙනවද බලන්නයි..සල්ලි ඇරෙන්න වෙන අමුතු දෙයක් නොතියෙද්දී මට මොකක් හරි අඩුයි කියලා තේරැනා..
කෝ නෙතිල් අයියාගේ චිත්‍රෙ ?
මීඩියා පොතේ ඇන්ද මගේ චිත්‍රය මම පර්ස් එකේ දාගත්තේ නිතරම බලන්න පුලුවන් නිසයි..මම ඒකට හරි ආස වුනේ ගොඩ කාලෙකට පස්සේ මම අැන්ද එකම චිත්‍රය වුන නිසා විතරක් නෙමේ ඒක නෙතිල් අයියාගේ රෑපයක් වුන නිසා..හැමතිස්සෙම ඒක පර්ස් එකෙන් අරන් මම බලන්න පුරැදු වෙලා හිටියා වුනත් ඒක නෑ කියලා දැක්කම මට තරැ විසි වුනා..ආපහු එකක් අඳින්නත් බෑ..
නෙතිල් අයියා ගත්තද දන්නේ නෑ ? ඒත් එයාට මගේ පර්ස් එකට පන්දාහේ කොල මිටියක් දාන්න හේතුවක් නෑනේ..හරි මට සල්ලි නෑ තමා..ඒකට රැපියල් සීයක් දෙසීයක් දානවා..මම මෙච්චර සල්ලි ගොඩකින් ගෙයක් ගන්නද ? අනික මගේ චිත්‍රෙ..අයියෝ...පොටෝ එකක්වත් ගහගෙන තිබ්බේ නෑ ඒකේ......
හිතේ අවුලත් එක්ක පර්ස් එක මම එතනින්ම තිබ්බේ සල්ලි ටික නිසා ගන්න හිතුනේ නෑ..
ඇඳට වැටුනු මම නොඉවසිල්ලෙන් බලන් හිටියේ නෙතිල් අයියා එනකම්..කෝල් ගත්තත් ආන්සවර් නොකරද්දී තවත් නොසන්සුන් වුන මම අයියට ගත්තත් එයත් ආන්සවර් නොකරද්දී මට කේන්තිත් ගියා..ටික වෙලාවක් එයා එනකම් බලන් ඉඳලා මම නොදැනිම එයාගේ ඇඳ උඩ මහන්සියටම නින්ද ගියත් මම එකපාරට ආපහු ඇහැරැනේ මගේ ඇඟට මොකක් හරි මෘදු යමක් වැටෙද්දී..ඇස් ඇරලා බැලුවත් දාලා තිබ්බ ලයිට් එක කවුරැහරි නිවලා තිබ්බ නිසා ඇඳ ලග හිටගෙන හිටිය කෙනාව එකපාර බලා ගන්න බැරි වුනා..
"මම ඔයාව ඇහැරෙව්වද ?"
නිදාගෙන හිටිය මට බෙඩ්ෂීට් එක පොරවන ගමන් හිටිය නෙතිල් අයියා මගෙන් ඇහුවම මම ඉක්මනට ඇඳේ ඉඳගත්තා..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...