ගැහුව පාරට මතීෂ ඇඳෙන් බිමට වැටෙන්න ගියත් ප්‍රතාප් එයාව ඉක්මනට අල්ලගත්තේ එයාගේ ඇසුත් නෙතිල්ගේ තරමටම කේන්තියෙන් රතු වෙද්දී.
"මල්ලී?! උඹට දැන්ද යකෝ එයා මල්ලී කියලා මතක් වුනේ? අද අපි ගියේ නැත්නම් උඹට එහෙම කියන්නවත් මල්ලී කෙනෙක් ඉතුරැ වෙනවද ? එහෙනම් උඹට අඬන්න වෙන්නේ උගේ මලමිනිය ඉස්සරහ තමා"
නෙතිල් රෝහල කියලවත් බලන්නේ නැතුව කෑගැහෙද්දී මතීෂ බිම බලාගෙන හිටියා මිසක් තමාව අල්ලන් හිටිය ප්‍රතාප්ගේ මූන බලන්නවත් එයා ඔලුව ඉස්සුවේ නෑ..
"මේක තමුන්ගේ තාත්තාගේ බූදලේ කියලා හිතුවද ? මෙතන තව ලෙඩ්ඩු ඉන්නවා කියලා මතක තියාගන්න..ගිහිල්ලා මරා ගන්නවා පොලීසියේ..අනික් අයට වද දෙන්නේ නැතුව"
එතනට කඩන් පාත් වුන නර්ස් හැමෝටම කෑගැහුවේ නෙතිල්ට බනින්න ඇරපු ප්‍රතාප්ගේ කට එහෙම්මම වැහිලා යද්දී..
තව මොනා හරි කියන්න කට ඇරියත් නෙතිල්ගේ කෝප සහගත බැල්ම නර්ස් වෙතට එල්ල වෙද්දී එයාගේ කට නික්ම්ම වැහිලා ගියා..ඉක්මනට එතනට ආව මිනූ නෙතිල්ගේ අතේ එල්ලුනත් වේගෙන් ඒ අත ගසා දැම්ම නෙතිල් එතනින් ගියේ අනෙක් අය එයා දිහා බය වෙලා බලන් ඉඳිද්ඳී.ප්‍රතාප්ටයි මතීෂටයි ඉක්මන් හිනාවක් දාලා මිනූ නෙතිල්ගේ පස්සෙන් ගියේ ගිය හැටියට එයා මොනා හරි කරගනී කියලා බයෙන්..
"මොකක්ද පුතා වුනේ ?"
මතීෂව ආපහු ඇඳ උඩින් තිබ්බ ප්‍රතාප් ඇහුවේ හැමතිස්සෙම හිනා වෙලා ඇට්ටර වැඩ කරා කරා ඉන්න නෙතිල්ව මෙහෙම දරැනුවට දැක්ක පලවෙනි වතාව මේක වුන නිසා..
ටික වෙලාවක් නිහඩව හිටිය මතීෂ සුසුමක් හෙලුවේ එයාගේ ඇස් ආපහු බොඳ වෙලා යද්දී.."මහප්පේ..උන් මගේ මල්ලී විනාස කරලා මහප්පේ"
මතීෂ කනට නෑසෙන ගානට කෙඳිරැවම මේ පාර ශෙනන් ගැන අහන්න එයාට හිතුනේ තමා හිතනවට වඩා බරපතල දෙයක් මෙතන වෙලා තියෙනවා කියලා එයාට තේරෙද්දී..
.
.
.
.
.
.වෛද්‍ය වාර්තා ගොඩක් මැද්දේ හිර වෙලා හිටිය නුරාද් හිස එසෙව්වේ තම කාමරේ දොරට වැදුන තට්ටුව එක්කයි..නුරාද් පුදුමයෙන් නැගිටලා ගිහින් ලොක් කරලා නැති දොර ඇරියේ ගෙදර තට්ටු කර කර ඉන්න තරම් ආගන්තුකයින් නැති නිසා..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...