chapter 32

2.2K 333 16
                                    

එයා එහෙම දෙයක් කිව්වේ ඇයි කියලා හිතන ගමන්ම මම පුටුවේ පස්සට හරි බරි ගැහිලා ඉඳ ගත්තේ එයා මොකක් හරි ලොකු කතාවක් කියන්න යන්නේ කියලා තේරැන නිසයි..

"ඇයි එහෙම කිව්වේ..වුන දේවල් එකක්වත් ඔයාගේ වැරැද්ද⁣ නෙමේ නේ ?"

මම කිව්වාම එයා මගේ ඇස් මගහැරියා.

"ඒත් මම කිසිම හේතුවක් නැතුව ඔයා එක්ක කේන්ති නොගත්තා නම් මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා ඔය දෙන්නටම"

"දෙන්නටම කිව්වේ ?"

එයා කකුල දෙක පහතට දාලා ඇඳේ හාන්සි වුනේ තව දුරටත් ඔලුව උස්සන් ඉන්න එකත් එයාට අමාරැ වැඩක් වගේ..එයා එහෙම හාන්සි වුනාම උඩට ඉස්සුන ෂර්ට් එකෙන් එයාගේ ඉන හරිය පෙනුනා..එතන තිබ්බ ටික ටික මැකෙමින් තිබ්බ කැලැලක් දැකලා මම පුදුම වුනා..මම ඒක දැක්කා කියලා එයා දැක්කත් අයියා ඒක වහගන්න උත්සහ කලේ නෑ.

"මම දන්නේ නැ ශෙනන් ඔයා මම ගැන මොනා හිතයිද කියලා..ඒ්ත් මේ දේවල් කියන්න කාලේ හරි දැන්..
මට නෙතුවගේ හිතේ තිබ්බ අදහස තේරිලත් මම කලේ එච්චර හොඳ දේවල් නෙමේ ශෙනන්...මම හිතලම දවසින් දවස උගේ ඔලුවට එක එක ඒවා දැම්මා..ඌ උඹට කොච්චර කැමතියි වුනත් ඌ දෙපාරක් නොහිතා මම කියන දේ ඇහුවා..ඌට බනින්න එපා..මමයි ඒකව ඒ වගේ තත්වෙකට දැම්⁣මේ..
මම උඹට වෛර කලා..ඒක මම පිලිගන්නවා..මාව බල්ලෙක් වගේ ගෙදරින් එලියට දාලා අම්මයි තාත්තායි එක්ක සැප විදිනවා කියලා මම උඹට සෑහෙන්න වෛර කලා..ගෙදර ආවමත් උඹ මගේ ලඟටවත් එන්නේ නැති කොට, උඹේ ලොකු කම කියලා මම කේන්ති ගත්තා..
අන්තිමට නෙතුවා උඹට කැමතියි කියලා තේරැනම මට තවත් කේන්ති ගියා..උඹ මට අම්මා තාත්තා නැති කරලා දැන් සහෝදරයා වගේ ඉන්න යාලුවත් නැති කරන්න යනවා කියලා මට හිතුනේ..
ඒ නිසා ඌ මට ඒක කියන්න කලින් උගේ හිතෙන් ඒ අදහස අයින් කරන්න මම බොරැ හද හදත් ඌට එක එක දේවල් කිව්වා..එ්කෙන් උගේ හිතේ තිබ්බ කැමැත්ත යවා ගන්න බැරි වුනත් උඹේ මුන ඉස්සරහට යන එක නවත්තගත්තා..ඒත් ඌ මට කිව්වම එ්ක ගැන මට සිරාවට කේන්ති ගියා..ඌ ගහට නැගලා හිටියේ නැත්තම් ඇත්තටම මම ඌට ගහනවා..ඒත් නෙතුවා කියන්නේ පොඩි එකෙක් වගේ එකෙක්..ඇඟ පත තිබ්බ⁣ට ආන්ටි අංකල් ඌව හුරතලේට හදපු නිසාම ඌට තිබ්බේ හරි sensitive ගතිගුන..එ් නිසා එදා උගේ මූනට මට 'මම ඕකට කැමති නෑ කියලා' කියා ගන්න බැරි වුනා..ඒ වෙලත් අන්තිමේදි මම කරන්න පුලුවන් බලුම වැඩේ කලා උඹලා දෙන්නට..එදා මම ඒක නොකලා නම්..උඹලා දෙන්නගෙම කතාව මීට වඩා වෙනස් වෙන්න තිබබා බන්.."

HUNTING PAST ✓Dove le storie prendono vita. Scoprilo ora