chapter 46

1.7K 325 56
                                    

මම දත් මිටි කාගෙන කිව්වම නෙතිල් අයියගේ ඇස් ලොකු වුනත් විදුර බිම බලාගෙන අඩියක් පස්සට තිබ්බා විතරයි..

"යමු..අපිට පරක්කු වෙනවා"

විදුර වෙන මුකුත් කියන්න කලින් නෙතිල් අයියාගේ අතින් ඇදගෙන මම එයාව බයික් එක ලඟට තල්ලු කලා..

"මේ..."

නෙතිල් අයියා මොනා හරි කියන්න ගියත් මම එයා දිහාට එක බැල්මක් දාපු ගමන් එයා දඩි බිඩි ගාලා සාක්කුවෙන් යතුර ඇද්දා.
විදුර බයෙන් බයෙන් අපේ දිහාට එනවා දැක්කත් මම නොදැක්ක ගානට හිටියේ එයාගේ මේ ලාමක හැසිරීම් එක්කත් මට කොහෙවත් නැති තරහක් එද්දී..

"ෂිට්..මේ කාර් එකේ යතුර..රෑම් එකේ දාලා ඇවිත්ද කොහෙද බයික් එකේ යතුර..මම ටක් ගාලා අරන් එන්නම් ඔයා මෙතන ඉන්නවද?"

නෙතිල් අයියා කිව්වම මට එයා එක්කත් කේන්ති ගියත් රෑම් කතාවක් කියපු ගමන් විදුර හොල්මනක් දැකලා වගේ බය වෙලා අඩියක් පස්සට තිබ්බ විදිහට මට සැක හිතුනා..

"හම්.."

මම අහක බලන් කිව්වම නෙතිල් අයියා බර කකුලෙන් කකුලට මාරැ කර කර අපි දෙන්නා දිහා ටික වෙලාවක් බලන් ඉඳලා හොටෙල් එක පැත්තට ගියා..
බයික් එකට හේත්තුවක් දැම්ම මම කෙලින්ම විදුර දිහා බැලුවත් එයා මගේ බැල්ම මග හැරියා..

"මොකක්ද තමුසෙට වෙලා තියෙන්නේ ? ගෑනියෙක් වගේ වෙව්ලන්නේ ?!"

මම කවදාවත් කාටවත් අ⁣ගෞරවය කතා කරන්න කැමති කෙනෙක් නෙමේ..විශේෂයෙන් විදුර එක්ක හොස්ස ලගින් මැස්සා යන්න බෑ කියලා මම දැනන් හිටියා..ඒත් ඊයේ අම්මත් එක්ක ගිය කතා බහෙන් පස්සේ කොහෙවත් නැති නිර්භීත කමක් ඇඟට ඇරෑඪ වෙද්දී ඒ ආවේගේ එක්කම මම සද්දෙන් විදුරගෙන ඇහුවම මිනිහා ගැස්සිලා ගියා..

"සො..සොරි.."

එයා තාමත් මගේ බැල්ම මග ඇරලා ගොත ගැහුවම මට තව යකා නැග්ගා..

"යනවා යනවා..මට තමුසෙගේ මූන බලන්න ඕනේ නෑ.."

මම අහක බලා ගත්තත් එයා තාම මම දිහා බලන් හිටියා..

"ඒ අයියා හොඳයිද?"

එයා ඇහුවම මම ආපහු ඌ දිහා ටික වෙලාවක් බලන් හිටියේ මූ මොකාටද එන්න හදන්නේ කියලා..

HUNTING PAST ✓Where stories live. Discover now