එදින දිවි තොර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ගැහැනියක්ද, ඒ ගැහැනියගේ සහෝදරයා අතින් දරැනු ලෙස විනාෂයට පත් වුන ලාමක තරැනයාද යාථාර්තය අමතක කරමින් ෂෙරින්ගේ මංගල ත්‍යාග නිවසේ යහනක් මත නිදි වැදුනේ දෙදෙනාගේම හොඳ සිහිය මදින් මද දෙදෙනාව අත්හැර යන විටදීය..හෝරා ගානකින් එකිනෙකාව යොදා ගනිමින් ප්‍රශ්න අමතක කල ෂෙරින් සහ තරැනයා අවසානයේ නිදා ගත්තේ හෙට දවස ගැන දෙදෙනාටම අවිනිශ්චිත වෙද්දීය..
උදේ අවදි වන විට තරැනයා හා සමානව වෙහෙසට පත්ව සිටි ෂෙරින් තමන්ගේ පසෙකින් නිදා සිටි තරැනයා දෙස බැලුවේ තමන්ගෙයි ෆිලිප්ගෙයි ලොකු වෙනසක් ඇයට නොතේරෙන අතරේ..රිදුම් දෙන හිස එක් අතකින් අල්ලගෙන ඇඳ පාමුල වැටී තිබු තම ඇඳුම් නැවත ඇඳගත් ෂෙරින් කාමරයෙන් පිට වුනේ මේ ගැටලුව ඇය තවත් බරපතල කරගත්තා නේද කියා සිතමින්.නමුත් නිවසින් පිටව ගිය ෂෙරින්ගේ මූනේ රැදි තිබුනේ කපටි සිනහවකි..
අසල කඩේකින් මිලදී ගත් කෑම පාර්සලය අතේ තියන් නිවසට පැමිනි ෂෙරින්ට දැක ගැනීමට හැකි වුනේ ඇඳ ඇතිරිලි වලින් තම නිරැවත් සිරැර වසා ගැනීමට උත්සහ කරන තරැනයාවයි..තමා ඇදන් සිටි ඇඳුම් ඇරෙන්න වෙන කිසිදු ඇඳුමක් නිවසේ නැති බව ෂෙරින්ට මතක් වුනේ ඒ වෙලාවේදීය..එය තමාගේ වාසියට පවතින බව සිතූ ඇය ඔහුට ඇඳුම් රැගෙන ඒමට ඉක්මන් වුනේ නැත.
ඇඳුම් නැතිව තරැනයා කිසි විටෙක පැන යාමට තැත් නොකරන බව ඇය දැන සිටියා..කෑම පාර්සලය ලැබුනු සැනින් කිසිත් නොකියා එය කෑමට පටන් ගත් තරැනයා ෂෙරින් දෙස හිස ඔසවා බැලීමටවත් පෙලබුනේ නැත..සිහි විකල් වෙන තරමට දැනුනු අධික කුසගින්නකින් සිටි තරැනයාට මේ අවස්ථාවේ ඕනේ කර තිබුනේ කෑම පමනයි.
ඔහු කෑදරකමින් කෑම ගිල දමන අයුරැ බලන් සිටි ෂෙරින් ඔහු සිටින්නේ හොඳ සිහියකින් නොවන බව වැටහී එය ප්‍රයෝජනයට ගන්න සිතුවා..ඔහු අසලින් ඉඳ ගත් ඇය ඔහුගේ මූන රිසි සේ පරීක්ෂා කලේ ඊයේ රැයේ හා ෆිලිප්ගේ සලකුනු ඔහුගේ සිරැර පුරා තිබියදීය..වේලිලා තිබුනු උගුරේ ආහාර හිර වී කහින්න පටන් ගත් තරැනයාව දුටු ඇය තමා සූදානම් කර තිබූ වතුර වීදුරැව අතට දුන්නේ මුහුනේ කපටි හිනාවක්ද ඇදෙන අතරේ..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...