Chapter 3

3.2K 463 27
                                    

වර්තමානය-

ඉතින් ඔන්න ඕකයි එදා වුනේ... හරිම සරලයි... ඒත් එතනින් තමා හැමදේම පටන් ගත්තේ... රුසිරු අයියා මට එදා බෝලෙන් ගැහුව සිද්ධියට දැනුන වරදකාරී හැඟීම නිසාද කොහෙද ඒ මිනිහට එදා ඉඳන් මාව බලන්නේ නැතුව ඉන්න බැරි වුනා... ඒකා film වලින් අහුලගත්ත දෙබස් කෑලි කියන ගමන් හැමදාම මගේ පස්සෙන් වැටි වැටි එනකොට ඉස්කෝලේ පුරාම හොඳ කතාත් අපි දෙන්නට හැදුනා...

අපි දෙන්නව එකට ජෝඩු කරලා ගෑණු ලමයි එක එක තැන් වල කතා හැදුවා... ඊටත් උන්ට අපි දෙන්නා එකතැන ඉන්නවා දැක්කම කරන්ට් වැදෙනවද කොහෙද නලියන්න ගන්නවා...

ඒ අයටත් වඩා මගේ පස්සෙ හොල්මන වගේ තැන තැන මතු වුණේ වෙන කවුරුවත් නෙමේ.... නෙතිල් අයියයි....

රුසිරු අයියා වගේ කවදාවත් ලඟ පාතකටවත් එන්නේ නැති එයා ඈත ඉඳන් මම දිහා හිස් බැල්මෙන් බලන් ඉන්න විදිහට මගේ ඇඟ හිරිවැටිලා යනවා... කැන්ටිමේදි, වොෂ් රූම් එකේදි, පිට්ටනියේදි, පාරදි, ක්ලාස් එකේදි හැම තැනම කොහේ බැලුවත් ඈත බිත්තියකට හේත්තු වෙලා මම දිහා බලන් ඉන්න නෙතිල් අයියාව දැකලම දැන් මට එයාව නිකනුත් මැවිලා පේනවා වගේ...

අවුරුදු ගානක් ගියත් එයාගේ මේ හැසිරීම මම කාගෙන හිටියේ එයා මගේ හොඳම යාළුවාගේ අයියා කියන කාරණේ මතක් කරන ගමන්...
මාව පොඩි කාලේ ඉඳන් එයා දන්නවා වුනත් අපි අතරේ ලොකු වචන හුවමාරුවක් වෙලා නැති තරම්... මෙතුල් ජංගිය ගහපු කාලේ ඉඳන් මගේ හොඳම යාළුවා වෙද්දී නෙතිල් ගේ හොඳම යාළුවා වුනේ මගේ අයියා....

මම කලින් කිව්වාද දන්නේ නෑ අයියායි මායි හැදුනේ ගෙවල් දෙකක කියලා... අපි දෙන්නා අතරේ ලොකු සම්බන්ධතාවයක් ඒ නිසාම තිබ්බේම නෑ... ඉස්සර පාරකදි හම්බුනත් හිනාවක් දාලා ශේප් වෙන මට්ටමකයි මමයි නෙතිල් අයියායි හිටියේ... අපි එක ඉස්කෝලේ හිටියත් අයියා පරණ වෛරක්කාරයෙක් වගේ මට ඔරවන නිසා මම එයාගේ ලඟ පාතකට යන්නේ නෑ...

හැබැයි එක සිද්දියකින් පස්සේ හැමදේම වෙනස් වෙන්න ගත්තා... ඒකත් එක්කම මගේ අඳුරු අතීතෙත් මම වලපල්ලටම දැම්මේ මට සතුටෙන් ජීවත් වෙන්න තියෙන ආසාවටයි...

HUNTING PAST ✓Where stories live. Discover now