අප්රාණිකව හිටිය ශෙනන්ව පපුවට තද කරගෙන උගුර ඇතුලෙන් එන ඉකි ගැහිල්ලත් මහ හයියෙන් පිට කරන ගමන් පාරේ දිගේ පිස්සෙක් වගේ දිව්ව නෙතිල් හිටියේ සිහිය විකල් වෙන්න ඔන්න මෙන්න වගේ..
කොච්චර හයියෙන් කෑගැහුවත් ඇඬුවත් උස තාප්ප වලින් වට වුන එක ගේකවත් දොරක් ඇරැනේ නෑ වගේම කවුරැත් එලියට එන්නවත් උනන්දු වුනේ නෑ..අසරණව වට පිට බැලුව නෙතිල් පාරේ කොනින් මතු වුන ත්රීවීල් එක දැකලා ඒ දිහාට ඉක්මනට දුවගෙන ගියේ එක අතකින් ඉනත් තද කරගෙන ඒගොල්ලොන්ගේ පස්සෙන් මතීෂත් දුවන් එන අතරේ.
කොල්ලෝ දෙන්නෙත් ඈත ඉඳන් දුවන් එනවා දැකලා වීල් එකේ වේගේ අඩු වුනත් නෙතිල්ගේ අත් දෙකේ හිටිය ශෙනන්ගේ සිරැරයි, ලේ වලින් වැහිලා හිටිය නෙතිල්වයි දැකලා වීල් මනුස්සයා හැදුවේ වේගෙ වැඩි කරලා ඒගොල්ලොන්ව මග හරින්නයි..
ඒත් දෙවරක් නොහිතා පාර මැද්දටම පැන්න නෙතිල් වීල් එකට යන්න නොදී හිටගත්තාම වීල් එක නැවැත්තුවේ කුනුහරැප වැලක් කටින් පිට කරන ගමන්..ලද අවස්ථාවෙන් වීල් එක ඇතුලට පැන්නත් වීල් කාරයා පරල වෙලා කෑගහන්න ගත්තේ පොලීසියේ සාක්ෂි කූඩුවට නගින්න බැරි කමටයි..
"මොකක්ද මිනිහෝ කරන්නේ..බැහැපන් මගේ වාහනෙන්..තොපි මරාගන්නයි මම පොලීසි යන්නයි..බැහැපන් බැහැපන්"
ඒ මනුස්සයා වීල් එකෙන් බැහැලා ඇතුලට පැන්න නෙතිල්ට කෑගැහද්දි නෙතිල්ගේ ඇස් සැනින් කේන්තියටම රතු වුනත් ක්ෂණිකයෙන් එතනට ආව මතීෂ පරස් එකේ තිබ්බ පන්දාහේ කොලේ අරන් ඒ මනුස්සයාගේ අතේ තිබ්බා..
"අනේ මාමේ හොස්පිටල් එකට විතරක් ගිහින් දාන්නකෝ..මගේ මල්ලිට අමාරැයි"
මතීෂ ඇස් වල කඳුලු පුරවන් කියද්දී ඒ මිනිහගේ ඇස් රැඳුනේ බ්ලේසර් එකෙන් උඩු කය වැහිලා තිබ්බ ශෙනන්ගේ සිරැර දිහාටයි..නිරැවත් කකුල් කලවා දකිද්දී වෙලා තියෙන දේ තේරැන ඒ මනුස්සයාගේ ඇස් ඒ කොල්ලව තුරැලු කරන් ඇස් වලින් ගිනි පිට කරන් තමන් දිහා බලන් ඉන්න හැඩි දැඩි කොල්ලා දිහාට යොමු වුනාම ඇඟේ හිරිගඩුත් පිපුනා..
වැදගත් සූට් සපත්තු ඇඳන් හිටියත් අත් සම්පූර්ණයෙන් ලේ වලින් වැහිලා මූනෙත් තිබ්බ රතු ලේ පැල්ලම් වලින් හොඳටම තේරැනා නෙතිල් කාට හරි ලේ පනින්නම ගහලා මිසක් ගුටි කාලා නෙමේ කියලා..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...