chapter 64

2.9K 384 27
                                        

නෙතිල් අයියට දෙහි කප කප ගේට්ටුවෙන් ඇතුලට ගිය මම කලු කාර් එක දැකලා සුසුම් හෙලුවේ අදත් අර පොඩි බෝම්බේ ඇවිත් නේද කියලා හිතෙද්දී..

ඔනේ මගුලක්..අදත් මගේ උන්ඩුකපුච්ඡේ ගලවන්න ගියොත් අත්වැරදීමකින් බල්කෙනියෙන් පහලට අතාරිනවා සෙද්ද..

හතර වටේට සාප කර කරා කාර් එක පහු කරන් ගිය මම දැක්ක දෙයින් එකපාරට හිටි තැනම ගල් ගැහුනා..

"තාත්තා !"

මම ආව ගමන් කාර් එකේ දොර ඇරගෙන එලියට බැස්ස තාත්තා දිහා මම පුදුමයෙන් බලන් හිටියේ මොකක්ද මේ වෙන්නේ කියලා..ඇයි එයා ඇවිත් තියෙන්නේ ?

"අහ් ශෙනන්! "

කලින් වුන දේවල් මතක නෑ වගේ කටපුරෝලා හිනා වෙලා කතා කරපු එයා දිහා මොහොතක් බලන් හිටිය මම හැදුවේ මුකුත් නොකියාම ගෙදර ඇතුලට යන්න වුනත් එයා ලඟට ඇවිත් මාව නතර කලා..

"ටිකක් කතා කරමුද?"

තාත්තා ඇහුවා..

"කතා කරන්න දෙයක් අපිට නෑනේ නේද මිස්ටර් අසංක..ප්ලීස් කරදර නොකර යනවද?"

මම දන්නේ නෑ තාත්තාට මෙහෙම කතා කරලා මොන වගේ පවක් මට කරගහන්න වෙයිද කියලා..ඒත් මතක් වුන දේවල් එක්ක මම අමතක කරලා දාලා තිබ්බ මතකත් අලුත් වෙද්දී මම මැඩගෙන හිටපු වෛරය, දුක හැමදේම ආයිමත් පුපුරැ ගහන්න ගත්ත නිසා මට ඕනේ වුනේ ඒ දේවල් වලින් අයින් වෙන්නයි...වෛර කර කර ඉදලා කුනු වෙලා යන එක මගේ දෙයක් නෙමේ..

මගේ වචන එක්ක ගැස්සිලා ගියපු තාත්තා ආපස්සට අඩියක් තිබ්බත් එකපාරට ආච්චි දොරකඩ ලඟින් මතු වෙද්දී අපි දෙන්නම එයා දිහා බැලුවා..

"ඔය මනුස්සයා එක්ක කතා කරන දෙයක් කතා කරලා යවන්න..මෙතන එක එකාට ඕන වෙලාවට ලඟින්න බෑ.."

ඒක කිව්වේ මටත් එක්ක කියලා තේරෙද්දී මම බිම බලන් හිටිය තාත්තා දිහා බැලුවේ ආච්චි දඩාං ගාලා දොර වහද්දී..හරිනේ..දැන් දෙන්නම එලියේ..කාලා වරෙන්කෝ..

"ඇයි දැන් මොකක්ද වෙන්න ඕනා"

මම ඇහුවම බිම බලන් හිටිය තාත්තා මම දිහා බැලුවේ පොඩි හරි බලාපොරොත්තුවතක් තියන් කියලා මට තේරැනා..

HUNTING PAST ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon