chapter 40

1.9K 325 20
                                    

"ශෙනන්...ශෙනන්.....ඕයි.."

චටාස්..

එකපාරට ඔලුවට පාරක් වැදුනම ගැස්සිලා පියවි සිහියට ආපු මම බැලුවේ මම දිහා කන්න වගේ බලන් ඉන්න අයියා දිහා..

මම හිටියේ කල්පනාවක..කවදාවත් දේවල් දරැනුවට හිතුවේ නැති මම අද ලොකු කල්පනාවක ගිලුනේ අයියාගේ කතාවත් ඉවර වෙන කොටයි..

මම නොදැනුවත්වම මට පිස්සුවෙන් වගේ අාදරය කරපු කෙනා දුක් විඳපු හැටි මම වෙනුවෙන් කැපකරීම් කරපු විදිහ ඉස්කොලේ ඇවිල්ලත් රැසිරැ අයියා මගේ වටේ කැරකුනාම එ් හැමදේම ඉවසන් හිටිය විදිහ, පංති ගියාම මම පරිස්සමෙන් පන්තියට ගියාද කියලා, මට හුරැ නැති නිසා හරි බස් එකට නැග්ගද කියලා බලන්න හැමදාම පස්සෙන් ආපු විදිහ, මම කන්නේ නැතුව ඩෙස් එකේ ඔලුව ගහන් ඉන්නකොට එයත් කන්නේ නැතුව බඩගින්නේ හිටපු විදිහ, මගේ ලගට එන්න විදිහක් නැතුව දුක් වුන විදිහ, මගේ අම්මාගෙන් තර්ජන වෙලත් ගෙදර මිනිස්සුන්ගේ බරත් කරට අරන් මට මගේ වටේම ආරක්ෂාවට කැරකි කැරකි හිටපු විදිහ,අයියා එකින් එක විස්තර කරද්දී මම ඒ හැමදේම අහන් හිටියේ මගේ හිත ටොන් ගානක් බරට මට දැනෙන කොට...

මම අද දවසට සියවෙනි පාරටත් හිතුනේ එක දෙයයි..

'දෙයියනේ මට කොහොමද මේ වගේ ආදරයක් මග අරැනේ' කියලා..'

මගේ හිතට තවත් බර වුනේ නෙතිල් අයියා මේ හැමදේම කලේ අඩුම ගානේ මම එයා ගැන හරියට දන්නේවත්, මට කවදාවත් එයා කරපු දේවල් වලට ආපහු ගෙවන්න බෑ කියලා දැන දැනම නිසා..

එයා මගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු නොවී මගේ සතුට විතරක් පතද්දී මම ජීවිතේ පලවෙනි වතාවට හිතුනා මම කොච්චර වාසනාවන්තයිද කියලා..ජීවිතේ කොච්චර නරක අතට හැරිලා තිබ්බත් මගේ ලඟම කොච්චර වටින දෙයක් තිබිලද කියලා මට තේරැනා..

මගේ හිතට අර පසුතැවිල්ලේ බරත් එක්කම අමුතු උනුසුමක් දැනෙද්දී මම සැහැල්ලු සුසුමක් හෙලුවා..

මූනත් ලාවට රතු වෙලා තියෙද්දී මම බැලුවේ අයියා දිහා..බෑග් කවරේ තිබ්බ මගේ බෙහෙත් එකින් එක අතට අරගෙන කියව කියව උදේ⁣ට බොන්න තියෙන්නේ මොනාද කියලා හොයන ගමන් හිටිය අයියා ගැනත් මට ඇති වුනේ කවදාවත් නැතුව සෙනෙහසක්..

HUNTING PAST ✓Where stories live. Discover now