Authur POV :
"ශෙනන්...ඇරපන් යකෝ මේ දොර ?"
"අනේ ඕයි බය නොකර මේක ඇරපන්කෝ.."
"අයියේ..අක්කේ...වරෙල්ලා යකුනේ මේ කොල්ලා කාමරේට මොකක් කරනවද මන්දා?"
ගැහි ගැහි හිටිය ශෙනන් තියෙන වෙර දාලා කොනේවයි මෙතුල්වයි කාමරෙන් එලියට විසික් කරලා දොර වහගෙන ලොක් කරගත්තම ඒ දෙන්නම බයෙන් ගැහුනේ ශෙනන් අමාරැවෙන් හුස්ම ඇද්ද විදිහට එයාට අමාරැයි කියලා තේරැන නිසයි..දොරට කොච්චර ගැහුවත් අරෙන්නේ නැති තැන දෙන්නම එකතු වෙලා මහ හයියෙන් බෙරිහන් දුන්නේ හිතට දැනුන බයත් එක්කමයි..
"ශෙනන්, මචං..කතා කරපන්කෝ.. දෙයියන්ගේ නාමෙන් වචනයක් හරි කියපන්!"
තදින් වහලා තිබ්බ කාමරෙන් කිසි සද්දයක් නැති තැන මෙතුල් බැගෑපත් වුනේ කෙනෝත් දොරට එක දිගට පයින් ගහන අතරේ..
"ඇරපන් යකෝ මේ දොර සාගරේ..සිරාවට 119 ගහනවා හොඳේ !"
කෙනෝ කෑගැහැවුත් දොරට වදින පාරවල්, තමන්ගේම හඬවල් ඇරෙන්න වෙන කිසි හඩක් ඇහුනේ නැති තැන එයා නෙතිල් අයියාගේ කාමරේට දිව්වත් එයාගේ කාමරේ දොර ඇරලා තියෙනවා කෙනෝ දැක්කා..
"ඕයි අයියේ..කෝ මෙයත් නෑ.."
හිස් කාමරය දිහාට බැල්මක් හෙලන ගමන් කිව්ව කෙනෝ ආපහු එලියට දිව්වේ මෙතුල් නොනවත්වා බෙරිහන් දෙන අතරේ.
"මචන් මේක හරියන්නේ නෑ...අංකල්ට කෝල් කරපන්කෝ..මම--"
"ආාාාා පොඩී !!!!!! මොකක්ද ඕයි කරන්නේ ???"
කෙනෝගෙ කතාව අතරමැද නතර වුනේ එලියෙන් ඇහුනු විනෝගේ කෑගැහිල්ලට දෙන්නම ගැස්සිලා යන අතරේ..දොර අතඇරලා ක්ෂණිකයෙන් එලියට දිව්ව ඒ දෙන්නට හම්බුනේ උඩ බලාගෙන බෙරිහන් දෙන විනෝවයි..
"අයියෝ...චූටියෝ..මේ යකා බෙල්ල කඩා ගන්න යන්නේ.."
විනෝ කිව්වම උඩ බැලුව මෙතුල්ටයි කෙනෝටයි දෙන්නටම හික් ගෑවුනේ වඳුරෙක් වගේ දෙවෙනි තට්ටුවේ ජනේලේක එල්ලිලා ඉන්න නෙතිල්ව දැකලා...
"මොන--!! මිනිහෝ..මැරෙන්නද හදන්නේ පහලට බහිනවා !"
මෙතුල් ගිරිය යටින් කෑගැහුවත් ගනන් නොගත්ත එයා මෙතුල්ගේ කාමරේ ජනේලේ ගැට්ටක එල්ලිලා තම සමබරතාව අමාරැවෙන් අල්ලගෙන හිටියේ තමන්ගේ මුලු ඇඟේම බර එක අතකට දෙන අතරේ..
ESTÁS LEYENDO
HUNTING PAST ✓
No Ficción❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...