Chapter 8

2.6K 402 45
                                    

" අර්ර්ර්ග්ග්ග්ග්හ්හ්හ්හ්...."

සොම්බි කෙනෙක් කියලද හිතුවේ... නැ ඒ මම... ඇවිදින සොම්බි කෙනෙක් වගේ මම ඉස්කෝලෙට බඩගෑවේ උදේ දෙපාරක්ම වමනෙත් දාලායි... බඩ පිටටම ඇලිලා තිබ්බත් මම ආපහු නොකාම හිටියා නැත්නම් ඉස්කොලේදි තුන්වෙනි වටයකුත් යන්න වෙනවා කියලා දන්න නිසයි... ඊට පස්සේ අර අම්මන්ඩිලට බැරියෑ මම pregnant වෙලා කියලා ඊලඟ chapter එකේ ලියන්න...

ආච්චි ගෙදර ඉන්න කිව්වත් මම ගියේ මේ වගේ දවස් මට දැන් හොඳට පුරැදු නිසයි... මෙහෙම වෙන හැමදවසටම ගෙදර ඉන්න ගියොත් මට වෙන්නේ අවුරැද්දෙන් බාගයක් ගෙදර ඉන්නයි...

ඉස්කොලේ යන අතර මගදි මම හොඳට වටපිට බැලුවේ සුදු කාර් එක පේන මානෙක තියෙනවද කියලා හොඳට බලන ගමන්... එහෙම අවධානමක් තිබුනේ නැතත් මට හුස්ම ගන්න ලැබුනේ ඉස්කෝලෙට අඩිය තිබ්බමයි...

මම, මම ගැනම පුදුම වුනේ කලින් ඉස්කොලේ මට මිහිපිට අපායක් වෙද්දී මේ ඉස්කෝලෙන් ගෙදරටත් වඩා ලොකු ආරක්ෂිත බවක් මට දැනෙන කොට....

කාලය මැව් වෙනසක අරැමේ......
.
.
.
Interval එකේදි කෙනෝයි, මතෙුලුයි කැන්ටින් එකට දිව්වම මම පංතියේ නතරවුනා... මේ වගේ කෑම රැචියක් නැති දවස් වලට මට පාඩුවේ ඉන්න දෙන්න ඒ දෙන්නා පුරැදු වෙලා හිටියේ මගේ කතාව දන්නෙත් නැතුවයි... ඒ නිසා ඒගොල්ලො එක්ක මට පහසුවෙන් ඉන්න පුලුවන් වුනා වගේම අනික් අය වගේ මට අනුකම්පා කරන එක ගැන වද වෙන්න වුනේ නැ....

ඩෙස් එකේ හොඳ නින්දක් දාන් හිටපු මම ගැස්සිලා ගියේ කවුරැ හරි මගේ නම කියලා කෑගහනකොට...

"ශෙනන් !! නැගිටිනවා !! "

ඔලුව උස්සලා බලපු මම දෙවෙනි පාරටත් ගැස්සුනේ මම කොහෙත්ම නොහිතපු කෙනෙක් මගේ ඉස්සරහ හිටගෙන ඉදිද්දී... නෙතිල් අයියා මාව අමුවෙන් කන්න ඕනේ වගේ සයිස් එකට මට ඔරවන් ඉන්න කොට මම කල්පනා කලේ මොකක්ද වුනේ කියලා...

"ඇයි අයියේ... ?"

"ඇයි කියලා අහන්නේ ?! එනවා මාත් එක්ක!"

පංතියේ දොරකඩ ඉඳන කෑගැහුව පාරට අනිත් ලමයිනුත් බය වෙලා වගේ එයා දිහා බැලුවා..⁣.

HUNTING PAST ✓Where stories live. Discover now