කල්පනා කර කරම මම කාමරෙන් එලියට ආවේ තව ටිකකින් මිනු ආන්ටි නෙතිල් අයියට කිරි එක හදන් එන හින්දා..තාම ඒගොල්ලො මම නෙතිල් අයියා එක්ක යාලුයි කියලා කියලා නැති වුනත් අපි දිහා බල බල හිනා වෙවී විහිලු කරන විදිහෙන්ම තේරෙනවා දැනටමත් ඒගොල්ලෝ ඒක දන්නවා කියලා..අනෙක විනෝ අක්කාගේ කටට බ්රේක් නැති නිසා මේ වෙන කොට අනිවාර්යයෙන් එයා නුරාද් අංකල්ටයි මිනු අන්ටිගෙයි කනේ තියලා ඇති අපි ගැන..
එ්ත් කාමරෙන් එලියට ගිය ගමන් මම එකපාරට ගැස්සුනේ මිනු ආන්ටි කිරි කොප්පයක් අතේ තියන් දොර අරින්න බලාගෙන ඉන්න කොටයි..
අතේ මාට්ටු කියන්නේ ඕකට තමා.."ආහ් ආන්ටි මම මේ අයියව ඇහැරිලාද බලන්න ආවා ගෙදර යන්න "
මම කරකියා ගන්න දෙයක් නැතුව උඩ බිම බලන් කියන කොට මිනු ආන්ටිගේ තද වෙලා තිබ්බ තොල් දෙකෙන් හිනාවක් පැන්නා..
"ආ එයා ඇහැරිලාද..."
"නැ තාම නිදි"
මම කිව්වම එයාගේ හිනාව මැකිලා ගිහින් මූනට පුදුමයක් එකතු වුනේ එයාගේ ඇස් ඇඳේ තද නින්දක හිටිය නෙතිල් අයියා ලඟ නතර වෙද්දී..එයාගෙන් ඇස් ගන්නේ නැතුව මාවත් පහු කරන් නෙතිල් අයියාගේ ඇඳ ලඟට ගියේ හීනෙන් වගේ..අස් කරලා තිබ්බ කාමරේ දිහාත් ටික වෙලාවක් පුදුම වෙලා බලන් හිටිය මිනූ ආන්ටි නෙතිල් අයියා දිහාට අඩිය තිබ්බේ එයාට මේ හැමදේම විශ්වාස කරන්න බෑ වගේ..
මමත් ආපහු හැරිලා එයා පස්සේ ගියේ පූසෙක් වගේ හුරතලේට නිදන් හිටිය නෙතිල් අයියව එයා ඇහැරවයි කියලා බයෙන් වුනත් මටත් වඩා පරිස්සමට ඇඳ ලඟට ගිය මිනු ආන්ටි කිරි කෝප්පේ කිසිම සද්දයක් නැතුව බිමින් තියලා එයාගේ මූනට එබුනා...
එවලෙත් නෙතිල් අයියාගේ මූනේ තිබ්බේ සාමකාමී මදහසක් වෙද්දි මම ගැහි ගැහි හිටියේ එයා හීනෙන් මගේ නම මතුරයි කියලා..ඒත් නෙතිල් අයියා දිහා වශී වෙලා වගේ බලන් හිටිය ආන්ටි,නෙතිල් අයියාගේ ඔලුව අතගාන්න වගේ එයාගේ අතක් ඉස්සරහට දික් වුනත් ඒත් එක්කම වගේ නෙතිල් අයියා කෙඳිරි ගාගෙන ගුලි වුනාම මට හිතුනේ එතනම වලක් කපන් බහින්න..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...