වසර දෙකකට පෙර
"ප්ලීස් බන් අදවත් නොබී ඉඳහන් !"
මතීෂ තම මිතුරාගෙන් අයැදුවේ ඔහු අතෝරක් නැතිව මාස ගානක් තිස්සේ බීපු බීම මතක් වෙලයි..කවදාවත් කිසිම මත් පැනක් කටේ නොතිබ්බ නෙතිල් විස්කි, අරක්කු බෝතල් පිටින් ඉවර කලේ නුහුරැ කම නිසා අනික් අතට පිතත් එකක්ම වමනේ දාන කොට.
අද දවසට හයවෙනි බියර් එකත් නෙතිල් ඉවර කරද්දී බෙහෙත් වලට මලකඩ පාට ගැහිලා තිබ්බ අතේ බැඳලා තිබ්බ බැන්ඩේජ් පටියෙන්ම කට පීද ගෙන එයා හත් වෙනි කෑන් එක අතට ගත්තා..
මතීෂ එයාගේ අතින් අල්ලලා නැවැත්තුවත් වෙනදා වගේම මුකුත් නොකියා ගස්සලා අත ගත්ත නෙතිල් කෑන් එක කඩලා තොල් උඩ තියාගෙන හොටෙල් කාමරේ බැල්කෙනියට ගියා..යන ගමන් රැල්ලක්වත් නැතුව හොඳට මැදලා තිබ්බ නිල් පාට කලු ඉරි වැටුන අලුත්ම බ්ලේසර් එක පරිස්සමට තියලා තිබ්බ පුටුවට පයින් එකක් ඇනගෙන ගියේ ඒක එහෙම්ම පුටුවත් එක්ක බිමට වැටෙද්දී..
මතීෂ ඒක පොඩි වෙන්න කලින් ඉස්සරහට පැනලා වැදුනු දූවිලි පාර අතින් ගසලා ආපහු පුටුව උඩින් තිබ්බේ බැල්කෙනියේ වීදුරැ ග්ලාස් එකට හේත්තු වෙලා එක හුස්මට බියර් එක හිස්කරන නෙතිල් දිහා කලකිරීමෙන් බලන ගමන්..
එදා ශෙනන්ගේ photo එක පෙන්නුව දවසේ ඉඳන් අද වෙනකම් මාස දෙකක් ගියාද ගතවුනු හැම තප්පරයකටම නෙතිල් දුක් විඳින එක වැඩි වුනා..ඇස් ඉස්සරහම තමන්ගේ හොඳම යාලුවා දුක් විඳින එක බලන් ඉන්න බැරැව මතීෂ නෙතිල්ව ගොඩ ගන්න නොකරපු දෙයක් නෑ..
උදේට කලින් දවසේ බීපුවගේ ප්‍රතිපල වලට තද ඔලුවේ කැක්කුම්, තමන්ගේම ඇඟේ දාගත්ත වමනේ දාඩිය එක්ක නැගිටින නෙතිල් ආපහු රෑ වෙද්දී හතර ගාතෙන් යන්නම බොන්නේ මේ මාස දෙකට එක මොහොතකටවත් එයා හොඳ සිහියෙන් හිටියේ නැති කොට..
දවල් වෙද්දී යන්තමින් වෙරි හිඳෙන කොට විතරක් ගෙදරට ගොඩ වෙලා මූන පෙන්නලා එන නෙතිල් ආපහු රෑට ක්ලබ් එකක් ඇතුලේ අතුරැදහන් වෙන්නේ ගෙදර මිනිස්සුන් එයා කොහේ ගියාද කියලා හිතා ගන්න බැරැව හූල්ලන අතරේ..
ESTÁS LEYENDO
HUNTING PAST ✓
No Ficción❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...