මහ පාරට දුවගෙන ආපු මම එහෙම්ම දිව්වේ ත්‍රීවීල් ස්ටෑන්ඩ් එකට.
"බත්තරමුල්ලට"
මම කිව්වම වීල් මනුස්සයා එසැනින් වීල් එක ගත්තත් නැග්ගට පස්සේ තමා මට මතක් වුනේ සල්ලි තියෙනවාද කියලා.ටක් ගාලා පර්ස් එක අරන් බැලුවම කොල පාට නෝට්ටු දෙක දිහා බලලා මම සුසුමක් පහත හෙලුවේ ආපහු ගිහින් එන්න මේ ටික හොඳටම ඇති වෙයි කියලා හිතලා..
මිලාරා අක්කා ආච්චිට හොරෙන් ඉඳලා හිටලා මගේ අතේ ගුලි කරන සල්ලි වලට පින් සිද්ධ වෙන්න අාච්චිට වැඳ වැටෙන්නේ නැතුව මගේ යමක් කරගන්න පුලුවන්..
ඒත් දැන් මට හිතන්න ගොඩක් දේවල් තියෙනවා..ඇත්තටම දැන් මම මේ යන ගමන වුනත් යන්නේ හිතේ සැකේට මිසක් ස්ථිර තොරතුරකට නෙමේ..
අකිලට කතා කරන්න කියලා මගේ හිත කිව්වත් එයා අන්තිම මොහොතේ අයියාගේ නම කියපු එක මට ඇල්ලුවේ නෑ. අයියා සම්පූර්ණයෙන් පවුලෙන් අයින් වුනත් මම තාම දන්නේ නෑ එයාගේ ඇත්තම අරමුණ මොකක්ද කියලා. එත් එයා අකිලව දන්නවා කියන්නේ එයා company දේවල් වලට අනිවාර්යයෙන් සම්බන්ධයි කියන එක.
එ්ත් එයාට නෙතිල් අයියට හානි කරන්න තරම් හේතුවක් නෑ.නෙතිල් අයියාට විතරක් මේ විදිහේ කරදර වෙන්න හිතන්න පුලුවන් හොඳම හේතුව මමයි. එ් වගේම එයත් ඒක දන්නවා කියලා මට විශ්වාසයි. ඒක මෙතුල්ට කියවෙන්න ගියපු දෙයින් මට තේරැනා.
එයා මෙච්චර කල් මගෙන් ඈත් වෙලා හිටියේ මට වුන දේවල් එක්ක මම එයාව ප්‍රතික්ෂේප කරයි කියලා බයට විතරක් නෙමේ, එයා වෙන දේකටත් බයෙන් හිටියා.දැන් වුනත් එයා මගේ ලඟ හිටියත් එයා සෑහෙන්න පරීක්ෂාකාරී වෙන විදිහ මම දැකලා තියෙනවා..
එයා පරිස්සන් වෙන්නේ අනිත් අය අපිව දකිනවට නෙමේ..කවුරැ හරි විශේෂ එක්කෙනෙක් අපි ගැන දැනගන්නවටයි එයා බය..
මට ඒක තේරැනේ අපි තනියෙම ඉන්න වෙලාවට එයා පීඩාවෙන් වටපිට බැලුවත් සාමාන්‍ය මනුස්සයෙක් දිහා එයා බලන්න උනන්දු වෙන්නේ වත් නෑ..එයාගේ ඇස් හොයන්නේ මොකක් හරි ස්ථිර අනතුරක් !එ් වගේම එයා මගේ වටේ කැරකුනේ මගේ ආරක්ෂාවට විතරක් නෙමේ කියලා මට දැනගත්තේ එයාගේ ඇස් මෙතුල් ලඟත් ආරක්ෂාකාරී විදිහට තියෙන කොට. ඒ කියන්නේ එයාට පවුලේ අය ගැන කියලා තර්ජනය කරනවා වෙන්න ඕනේ..එයා මාව ආරක්ෂා කරනවට වඩා මම ගැන හංගන්නේ එයාගේ පවුලේ අයගේ ආරක්ෂාව ගැන එයා පිස්සුවෙන් හිතන කොට..
ESTÁS LEYENDO
HUNTING PAST ✓
No Ficción❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...