Chapter 55

1.8K 283 28
                                    

"මේ බෙහෙත් කෑමට පෙර ගන්න..දවසට දෙපාරක්වත් breathing exercise කරන්න..තේරැනද ?"

"...."

"ශෙනන්?...ශෙනන් ?"

"ආහ් ?!"

"ඔයාට මම කිව්ව එක ඇහුනද ?"

"ඔව් ⁣ඩොක්ටර්..thank you so much"

"හොඳට විවේක ගන්න ශෙනන්..ඔයාට ඕනා හොඳ විවේකයක්"

ලොකු කල්පනාවක ගිලිලා හිටිය මම මේ සතියට හතරවෙනි වතාවටත් හම්බුන psychiatrist doctor ට සමු දීලා අම්මා එක්ක කාර් එකේ ගෙදර එන්න පිටත් වුනා..

මට අම්මා එක්ක ගමන් ගිහින් පුරැදු නෑ..කොටින්ම එයා විසින්ම මාව hospital එකකට අරන් ආව එක මට කොහෙත්ම ඇල්ලුවේ නෑ...

මෙච්චර කාලෙකට මට බෙහෙත් කරලා තියෙන්නේ Dr.අජිත් විතරයි..එයා මානසික රෝග වලට බෙහෙත් කරන කෙනෙක් නෙමේ නිසාද මන්දා අම්මා මාව මෙතනට ගෙනාවා..

නුගේගොඩ පාලම උඩින් යනකොට මම ජැනෙලෙන් පේන බිල්ඩින් ටික දිහා බලන් නිහඬව එලිය බලන් කල්පනා කලේ මේ කාලෙට කොයි තරම් දේවල් නම් වෙනස් වුනාද කියලා..

සති දෙකකට කලින් හොසිපිටල් එකක නැගිට්ට මට මතක තිබුන එකම දේ වුනේ නොහඳුනන දිලිසෙන ඇස් දෙකක් විතරක් වෙද්දී සිහිය ඇවිල්ලත් පැය ගානක් යනකම් ඩොක්ටර්ලාගේ නර්ස්ලාගේ අතරින් මම ඒ ඇස් දෙක හෙව්වා..

ඒක හීනයක් වෙන්න ඇති කියලා මම හිත හදා ගත්තේ කොහෙවත් එයාව හොයා ගන්න බැරි වුන තැනයි..

ඇඟ හැම තැනම ප්ලාස්ටර් වලින් ඔතලා මමියක් වෙලා හිටිය මම ඔහේ සිවිලිම දිහා බලන් මට මොකක්ද වුනේ කියලා මතක් කරන්න උත්සහ කලා..

තප්පරෙන් තප්පරය මගේ මතකය ආපහු ආවත් මීට මාස කිහිපයකට කලින් වුන සිද්ධි එකක්වත් මට මතකයට ආවේ නෑ..ඒ හැමදේම මීදුමක් වගේ බොඳ වෙලා මගෙන් මැකිලා ගිහින් තියෙද්දී මම කල්පනා කලේ මේ දේවල් මෙහෙම වෙනස් වෙන්න ඒ කාලෙදි මොන තරම් දේවල් නම් වෙන්න ඇත්ද කියලා.

රොනල් ආපහු ඇමරිකා ගිහින් තිබුනා වගේම මගේ කාමරේ තිබ්බ තැනත් අම්මගේ තාත්තාගේ කාමරයට ලඟ තැනකට වෙනස් කරලා තිබ්බා..වෙනදට දවස් ගනන් ගෙදරින් පිට ඉන්න ඒගොල්ලෝ දැන් හැමදාම ⁣රෑ වෙන්න කලින් ගෙදර එන්න පුරැදු වෙලා..
කොටින්ම ඒ දෙන්නත් නොහිතපු විදිහට වෙනස් වෙලා හිටියේ වෙනදට මාත් එක්ක වචනයක් කතා නොකර අම්මා මම කාලාද, බෙහෙත් බිව්වද, වගේ දේවල් අහන්න අරන් තිබ්බා..තාත්තා සැරින් සැරේ මගේ කාමරේට ඇවිත් මට දැන් කොහොමද කියලා අහන කොට මට මගේ පුදුමය හංගන්න බැරි වුනා..

HUNTING PAST ✓Where stories live. Discover now