chapter 21

1.9K 340 68
                                    

මම නෙතිල් අයියට වැඩ්ඩා වගේ කිව්වට "ඔයාගේ moves මත තමා මගේ answer එක කියලා" දැන් මට තමා කට උත්තර නැති වෙලා තියෙන්නේ..

එදා ඉඳන් මලපෙරේතයට වරම් ලැබුනා වගේ නෙතිල් අයියා හිතුන හිතුන දේ කරන විදිහ දැකලා ඇත්තටම මට හිතුනා මේ මිනිහට ලැජ්ජා නහරයක් උපතින්ම පිහිටලා නෑ කියලා..

පරන විදිහටම පැය විසිහතරෙම මගේ වටේ කැරකුනත් දැන් එයා මම ලඟට එන්න පැකිලෙන්නේ නෑ..මට වඩා මගේ වටේ ඉන්න ලමයිට දැන් කොයි වෙලේ හරි හුස්ම හිර වෙලා මැරෙනවා හූල්ලලාම..හැබැයි අර gay භූතාත්ම ටිකට නම් හොඳ වැඩේ..කට්ටයම නිකම් plot twist එකකට අහු වෙලා කතා ටික හෝ ගාලා වෙනස් කරනවා..

රැසිරැ අයියාත් වෙනසක් නැතුව ඔහේ මගේ වටේ කැරකි කැරකි හිටයත් දැන් officially නෙතිල් අයියව confirm වෙලා වගේ..

ගෙදරින් එලියට බැස්ස මම වටපිට බැලුවේ නෙතිල් අයියා ඉන්නවද කියලා බලන්නයි..වෙනදට බයික් එකේ ඉඳන් පාරට හැරෙන තැනට වෙලා full face හෙල්මට් එකත් දාගෙන හිටියත් අද එයා එතන හිටියේ නෑ..

හිතේ මොකක්දෝ පාලුවක් දැනෙද්දී මම හොඳට වට පිට බලන ගමන් පන්තියට ආවේ මගේ පස්සෙන් එන එකම එක්කෙනා නෙතිල් අයියා විතරක් නෙමේ කියලා දන්න නිසයි..

වෙනදට තැනින් තැන මතුවන සුදු කාර් එකත් පේන්න නැති කොට හිතේ කොනක පොඩි සැකේකුත් ඇති වෙද්දී ක්ලාස් එකෙන් මම ඉඳගත්තම මගේ ලඟට ආවේ ක්ලාස් එකේ කෙල්ලෙක්..

"හායි..මම මියෙසි..ඔයා ශෙනන් නේද ?"

එයා ඇවිත් මගේ ලඟින් ඉඳගත්තම මම වටපිට බැලුවේ මෙයා ගානක් නැතුව කොල්ලන්ගේ පැත්තෙන් ඉඳගත්තේ ඇයි කියලා..

එතකොට තමා මම දැක්කේ ක්ලාස් එකේ වෙන කවුරැත් නෑ කියලා..ඔය කලේ..මම වෙනදට මෙතුල් එනකම් ඒගොල්ලොන්ගේ පාර ගාව නතර වෙලා ඉන්නවානේ..අද නෙතිල් අයියාගේ සිහියෙන් හිටපු නිසා ඌවත් අමතක වුනා..දැන් මම එනකම් එතනට වෙලා මොකාද එකා වගේ ඉන්නවා ඇති..හයියෝ..

"මොකද අනේ ! කතා කරාම මූන දිහා බලන් ඉන්නේ ?"

එයා තොඳොල් වෙවී කිව්වම මට හිතුනා සර්පයෙක් වගේ දිගට තියෙන කොන්ඩෙ බෙල්ල වටේ ඔතාගෙන ඔතාගෙන යන්න..

HUNTING PAST ✓Where stories live. Discover now