chapter 68

1.8K 281 61
                                    

මම චාමර සර්ගෙ ගෙදර ඇවිත් අදට හරියටම දවස් හයක් ගෙවුනේ නෙතිල් අයියා ගැන නිකමටවත් පනිවිඩයක් මට නොලෙැබෙද්දී..

මගේ පෝන් ට්‍රැක් කරන්න පුලුවන් කියලා පෝන් එකත් ගත්ත නිසා මට අඩුම ගානේ එයා හොඳින්ද නැද්ද කියලාවත් දැනගන්න බැරි වුනා..

දවසින් දවස තප්පරෙන් තප්පරය වෙන්න යන දේ ගැන වද වෙවී කඳුලු සල සල දුක් දොම්නස්ව හිටියා කියලා කියන්න තිබිබා නම් මරැ..ඒත් ස්පොට්ර්ස් බාර සර් කෙනෙක්ගේ ගෙදරක නතර වුනාම ඒවා හිතන්න තියා ඔයාට හුස්ම ගන්නවත් මතක් වෙන්නේ නෑ..

කන පිරෙන්න නීති ගොඩකුත්එක්ක මාව මෙහෙට අතහැරියට පස්සේ රොනල්ට තියා අයියටවත් මාව හම්බෙන්න දුන්නේ නැ අයාල් අයියා..

චාමර සර් දෙකේ ගුනාකාරෙන් වැඩි කරලා වගේ හිටිය සර්ගේ එකම පුතා වුන අයාල් නෙතිල් අයියා කිව්වා වගේම තනිකරම යකෙක්...මිලිටරි එකේ ඉන්න එයා මගේ කරැමෙටම මේ සති තුන නිවාඩු ඇවිත්..

චාමර් සර්ගේ වයිෆ් නැති නිසා සර් ගියාම මම අයාල් අයියා එක්ක තනි වුනත් මට බය වෙන්න වුනේ මේ මනුස්සයා කොයි වෙලේ හරි මගේ බෙල්ල මිරිකයි කියලා මිසක් වෙන මොනාවත් අනවශ්‍ය දෙයක් කරයි කියලා නෙමේ..

මම අසනීප වලට බෙහෙත් බොනවා කිව්වම හැමදාම බෙහෙත් වෙලාවට එලාම් තිබ්බ එයා එලාම් එකට වඩා හයියෙන් කෑගහලා බලෙන්ම බෙහෙත් පොවනවා..

කන්න පැයකට කලින් කොත ගහපු බත් එකක් කන්න ඕනා..කන්න කොච්චර අමාරැ වුනත් එක බත්ඇටයක් ඉතුරැ කරන්න බෑ..සමහර වෙලාවට මම කාලා දිරිවගන්න බැරැව ඔහේ පුටුවක් උඩ වැටිලා ඉන්නවා..

හැමදාම උදේ පහ වෙද්දි අහැරෙන්න ඕනා..අහැරැනු ගමන් ලොකු වතුර වීදුරැවක් බොන්න ඕනා දත් මදින්න කලින්..කුනු කෙල එක්ක බොද්දි හොදයිලු.. ⁣එතකොට⁣ හොඳට ශරීර කෘත්‍යයන් කරන්න පුලුවන්ලු..ඒකත් හොදයි නැත්නම් සතියෙන් මට අර්ෂස් තදවෙනවා මේ යන විදිහට..

උදේ කෑමට කලින් ලොකු එලු කිරි විදුරැවක් බොන්න ඕනා..කිරි වීදුරැව දැක්ක ගමන් මට නෙතිල් අයියව මතක් වෙනවා..

අනේ මගේ පුස් ඌරා..

එලු කිරි කොහෙන් හම්බෙනවද මන්දා කිරි පිටි වලට වස විස දාන නිසා හොඳ නෑලු..ඒත් එලු කිරි වල තිබ්බ ඇඹුල් රහට අප්පිරිය හිතිලා කිරිපිටි නැද්ද කියලා නිකමට ඇහුවම පැයයි විනාඩි විසි පහක දේශනයක් දුන්නා කිරිපිටි හදන විදිහයි ඒවාට දාන ඒවා ගැනයි..හයියෝ පිටිත් එපා වුනා..

HUNTING PAST ✓Where stories live. Discover now