"ශුවර් ද මේක රොනල්ගේ වැඩක් කියලා"
දිල්කිගේ විස්තර තිබ්බ ෆයිල් එකට අනුව මේක අනිවාර්යයෙන් එයාගේ වැඩක් කියලා මට තහවුරැ වුනත් file එකේ එයා ගැන හැම ඩීටෙල් එකක්ම තිබ්බත් මරණ සහතිකයක් තිබ්බේ නෑ කියලා මට මතක් වුනා.
අනික රොනල් මම දන්න තරමින් දිල්කි වගේ හොඳ නමක් තියෙන අයව ගාව ගන්නේ නැ..ඒ අයගේ පවුලේ අය හොයන්න ගත්තම කරදර වැඩි නිසා එයා අරන් එන ගොඩක් අය අනාථ අය නැත්නම් ලොකු ලොකු ගෙවල් වල අහිංසක වැඩකාර ගෑනු ලමයි, සල්ලි විසි කරාම සද්දේ වහන අයයි..එයා අවදානමක් අරගෙන දිල්කිට කරදරයක් කරා කියන්න අමාරැයි..
"දන්නවනේ රොනල්ගේ හැටි..රොනල් එයා අතුරැදහන් වුන දවසෙම එක restaurant එකේ හිටිය එක අහම්බයක් වෙන්න බෑ"
ඒක කොහෙත්ම අහම්බයක් නෙමේ කියලා මට කියන්න ඕනෙ වුනත් මම කටවහන් හිටියේ ගහපු photo මාට්ටු වෙයි කියලා..මොනා කිව්වත් අසංකව මට තාම විශ්වාස කරන්න බැරි වුනා..කෙල්ල මැරැව තරහට කියලා පවුල පිටින් මරන අදහසකින් ඉන්නවද කියලා කවුද දන්නේ අප්පා ?
"ඒකත් ඇත්ත..කෙල්ලගේ පවුලේ අය දැන් දන්නේ නැද්ද සිද්ධිය ? "
"නෑ..එතනත් අවුලක් තියෙනවා..කෙල්ලගේ පවුලේ අයත් අතුරැදහන් ?!"
"මොකක් ?"
මගේ ඔලුවත් අවුල් ගියේ සාමාන්‍යයෙන් රොනල්ගේ වැඩ වෙන්නේ මෙහෙම නෙමේ නිසා..දිල්කි අක්කාගේ සිද්ධිය ටිකක් වෙනස් එකක් වුන නිසා මට ඇත්තටම ඇති වුනේ කුතුහලයකටත් වඩා ප්‍රශ්නයක්..
මොකද මට දිල්කි අක්කව පුරැදුයි..හොඳටම අඳුරන කෙනෙක් ගානට නෙමේ..කොහෙදි හරි මම එයා එක්ක වචනයක් හරි කතා කරලා ඇති..ඒ නිසාම මේ දේට මාව සම්බන්ධ ඇති කියලා හිතුනම හිතට කලු ගලක් බරට පසුතැවිල්ලක් ඇති වුනාම මම ප්‍රාර්ථනා කලේ මම හිතන දේවල් ඇත්ත නොවෙන්න කියලා.."කෙල්ලගේ අම්මයි තාත්තයි ඩිවොස්..එයා ඉඳලා තියෙන්නේ අම්මා එක්ක..
එයාට මල්ලි කෙනෙක් ඉඳලා තියෙනවා මෙහෙ..අකිල එයාව දන්නේ නෑ..මල්ලි මෙහෙ තාත්තා එක්ක ඉඳලා තියෙන්නේ..කොහොම හරි මල්ලිට මොකක් හරි කරදරයක් වෙලා තමා මේ කෙල්ලත් මෙහෙට ඇවිත් තියෙන්නේ.ඒත් කෙල්ල ඉඳලා තියෙන්නේ මල්ලි එක්ක නෙමේ..මම හිතන්නේ මිනිස්සු කට්ටියක් පස්සෙන් එනවා දැනගත්තට පස්සේ එයා මල්ලිව හම්බෙන්න යන එක නතර කරන්න ඇති.."
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...