chapter 11

2.5K 398 74
                                    

"උඹ එහෙනම් හඳ පානේ පැනලා ගිහින් වෙන එකෙක්ට කියලා බඩ කරගෙන ආපහු ලැජ්ජා නැතුව ආවද මිනිහෝ..?!"

"සැක් මූ අපේ පවුලේ එකෙක් කියන්නත් ලැජ්ජයි"

"කට කට දෙයියනේ මෙයා ලමයෙක් එක්ක ඉන්නේ..!"

"ලමයා..කාගේ ලමයද යකෝ..වටේ ගිහින් හදා ගත්ත එකෙක් අපේ පරම්පරාවෙ ලේවත් ගෑවෙන්න හොඳ නෑ "

"උඹ කටවහපන්, එන්න පුතේ කියපන් මගේ පුතේ ඇයි මෙහෙම කලේ කියලා..ආ ? ඇයි රැසිරු පුතා හොඳ මදිද ?"

හම්මට!!! පංතිය ඇතුලට අඩිය තිබ්බා විතරයි 'මහ ගෙදර' live show එකක් පටන් ගත්තා.

හිතුව විදිහටම gay භූතාත්ම ටිකක් වැහිලා හිටපු කෙල්ලෝ ටික මම spray gun එක වගේ රැසිරැ අයියාගේ ඇඟට වමනේ දාපු එක දැකලා හොඳ කතා ටිකක් එතන ඉඳන්ම හදලා තිබ්බේ මාව බඩදරැ අම්මා කෙනෙකුත් කරලයි.

කතාවට අනුව මම වැරදීමකින් නෙතිල් අයියා අතින් ප්‍රෙග්නට් වුනේ මම රැසිරැ අයියා මැරි කරලා ඉන්න කොටයි..මම ඒ රහස හංගන් ඉන්නකොට නෙතිල්ට ඒක ආරංචි වෙලා මාව ඇදන් ගිහින් මට තර්ජනය කරලා රහස දැනගන්නවා..ඊට පස්සේ මට කෙන්ති ගිහින් මගේ වගකීම එයාට බාරගන්න කියලා එයාට බල කරලා එයාව ඇදන් ගිහින් සුපර් සෙන්ටර් එකකින් කෑම (කැන්ටිමෙන් කිරිපැකට් එකක්) අරන් දෙන්න කියලා කියනවා මගේ දොල දුකට..ඒ අතරේ රැසිරැ, මගේ හස්බන්ඩ් ඒක දැකලා නෙතිල් අයියා එක්ක මම වෙනුවෙන් රණ්ඩු කරනවා..දෙන්නා රණ්ඩු නෙ අතරේ මට අමාරැ වෙලා හස්බන්ඩ්ගේ ඇඟට කලන්තේ දාලා වැටෙනවා(වමනේ දානවා)..මගේ අනියම් සැමියා මාව එයාගෙන් උදුර ගෙන හොස්පිටල් (සික් රෑම්) එකට ගෙනිච්චම අනියම් සැමියාගේ තාත්තා (චාමර සර් -ඇත්ත පියා නෙමේ) එයාගේ කනට ගහලා එයාව එක්කන් යනවා..එයාට බලෙන් කසාදයක් කරලා එයාව රට යවනවා...එ් අතරේ මට තියෙන ආදරේ වැඩි කමට මට හැමදේටම රැසිරැ අයියා සමාව දීලා මාව බාරගන්නවා..ඒත් අපේ ගෙවල් වලින් මේ වුන දේ පිලි ගන්නේ නෑ...ගෙවල් දෙක මගේ ඇඟට කඩා පනින scene එකේදී තමා දෛවයේ සරදමට වගේ මම පන්තියට ගියේ..

ඉල්ලන් කන එකේ හොඳම version එක..

සාම්ත..මට සිහි නැති වෙලා වැඩිම පැයභාගයක් යන්න ඇති..මුන් සම්පූර්ණ කතාවක්ම හදලා..මාර හැකියාවක් නේ තියෙන්නේ අප්පා..

HUNTING PAST ✓Where stories live. Discover now