දෙපාරක් නොහිතා තුවක්කුව පත්තු කරන්න බලන් හිටිය මිනිහා ඔලුව මැද්දටම මම පැන්නේ හෙල්මට් කාරයට මහ හයියෙන් කෑගැහෙද්දී..
"කොලීන්!!!"
මම තුවක්කු කාරයත් එක්ක දඩබඩ ගාලා බිමට වැටෙද්දී මිනිහගේ ඇඟට වැටිලා වේගේ අඩු වුනත් මගේ කකුල බිම ඇනිලා අනිත් පැත්ත ගැහුනා..
පෙරලුනු කකුලත් එක්ක මම ක්ෂණිකයෙන් හෙල්මට් කාරයා දිහා බැලුවේ එයාගේ කටහඬ මට හොඳට හුරැපුරැදු නිසා.."නෙතිල් අයියා !?"
මිනිහෙක්ගේ අතක් අඹරවමින් හිටිය නෙතිල් අයියා ඒ මිනිහවත් අත ඇරලා මගේ පැත්තට දුවන් එද්දී අර මිනිහා නෙතිල් අයියාගේ බෙල්ලෙන් අල්ලගෙන පස්සට ඇද්දා..
ඒත් එක්කම එයා එක්කම පිටිපස්සට අඩියක් තිබ්බ නෙතිල් අයියා එයාගේ උරහිස් දෙකෙන්ම අල්ලගෙන වේගෙන් ඔලුව අර මිනිහගේ ඔලුවට පාත් කලේ දාන් හිටිය හෙල්මට් එක දඩාං ගාලා වදිද්දී..'මරැ හෙඩ්ෂොට් එක'
මිනිහා එතනම බිම ඇද වැටෙද්දී නෙතිල් අයියා මගේ දිහාට දුවගෙන එන අතරේ මට දැනුනේ කවුරැ හරි මගේ කමිසෙන් අල්ලනවා.
මම ඇඟට පැන්න මිනිහා බිම වැටිලා හිටියත් අඩ සිහියෙන්ම මගේ කමිස කොනෙන් අල්ලගත්තේ මට යකා ආරෑඬ වෙද්දී..'යකූ මු සිහි නැති වෙලත් මාව අතහරින්නේ නෑනේ!'
අත ලග තිබ්බ ගල් ගෙඩිය අර මිනිහගේ ඔලුවට *ටාංං* ගාලා එකක් ගැහුවේ එයා එතනම නොකඅවුට් වෙද්දී..
"ආවා මෙතන මගේ ඇඟේ එල්ලෙන්න !"
"ආව්ව්ව්..!"
අඩියට දෙකට මගේ ලඟට ආපු නෙතිල් අයියා මාව ඇදලා ගත්තම උලුක් වෙලා තිබ්බ කකුල නිසා මට කෙඳිරි ගෑවුනා..
ක්ෂණිකයෙන් මගේ කකුලට නැවුන එයා,"ඇයි ? ගොඩක් අමාරැද ?"
බය වෙලා මගෙන් ඇහුවම මට හිනා යන්නත් ආවා..මෙයාව පොඩ්ඩක් අවුස්සලා ගන්න ඕනේ කියලා හිතෙද්දී කකුලත් බදාගෙන කෑගහගෙන මම බිම වැටුනේ එයා මාව බදලා අල්ලගනිද්දී..
"ආාව්..අම්මියෝ...මගේ කකුල කැඩුනෝ...අයියෝ..මං මලෝ...!!"
"ඇයි ? ඇයි..කොලීන්..අනේ බය කරන්නේ නැතුව කියන්නකෝ..අනේ.."
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...