chapter 44

1.8K 306 28
                                    

ඊයේ වෙච්ච සිද්ධියි දැන් දැන ගත්ත ඒවයි කතා කර කර කෑම එක කාලා ඉවර කරපු අපි තව ටික වෙලාවක් බැහැලා යන ඉර දිහා බලන් හිටියේ වෙනදට වඩා කියා ගන්න බැරි තරම් සැහැල්ලුවක් ඇඟට දැනෙනකොට..

මහපාරෙන් ඈත් වෙලා නුග ගස් වලින් වට වෙලා තිබ්බ පාක් එකේ බලන්න දේකට කියලා තිබ්බේ අහස විතරක් වුනත් බලන කෙනාට බෙල්ල කඩාගෙන හරි බලන්න හිතෙන viwe එකක් වටපිටාවේ තිබ්බා...

නැත්තම් වැරදිලා හරි වටපිටාව බැලුවොත් අඩල්ස් ඔන්ලි තමා..නිකම් කතා බස් වලට එන කපල්වලට පවා පිස්සුව තද වෙනවා ඒ දර්ශන දැක්කම..
ඒත් අපි හිටපු තැන තිබ්බ වැඩිපුර ගස් තිබ්බේ නැති නිසා ලොකුවට කපල් එන්නේ..මේ හරියට වැඩිපුර එන්නේ යාලුවෝ සෙට්..
මමයි මෙතුලුයි කෙනෝයි ගෙයි හමුවීමේ මධ්‍යස්ථානය තමයි මෙතන..හැමෝගෙම ගෙවල් වලටත් ටිකක් ලඟ නිසා, සල්ලිත් යන්නේ නැති නිසා අපි ඉස්සර ඉඳන් එකතු වෙන්න ඕනේ වුනාම මෙතනට එන්න පුරැදු වෙලා හිටියා..

මට කලින් ගෙදර ඉන්න කාලේ නම් කලාතුරකින් මෙතනට එන්න පුලුවන් වුනත් එහෙන් ආවට පස්⁣සේ සතියකට සැරයක්වත් අපි මෙතනට එන්නේ ගෙවල් වලින් පොඩි නිදහසක් ගන්නමයි..

මමයි නෙතිල් අයියයි දැන් ඉඳන් ඉන්න බෙන්ච් එකේම අපි ඉඳගෙන මෙතුල්ගේ රස කතා අහන් ඉන්නවා හිතේ තියෙන ප්‍රශ්න පීඩන හැම එකම හේදිලම පල කියලා..

කෙනෝගෙ ගෙදරත් අම්මයි තාත්තයි හැම තිස්සෙම කැත්තට පොල්ල වගේ රන්ඩු වෙන නිසා කෙනෝ හැම තිස්සෙම බැලුවේ ගෙදරින් ගෙදරින් පනින්න ක්‍රමයක්..ආච්චි පැය විසිහතරෙම වටේ ඉන්න ඇන්ටිලා ගේ අස්සේ දාන් ඉන්න නිසා මමත් බැලුවේ පාඩුවේ ඉන්න පුලුවන් ක්‍රමයක්..මෙතුල්ගේ ගෙදර කට්ටිය වැඩි නිසා එයා හෙව්වේ ටිකක් නිදහසේ ඉන්න ක්‍රමයක්..ඉතින් ඒ කාගෙවත් ගෙදරකට එකතු වෙන්න බැරි නිසාම අපි මෙතනට එන්න පුරැදු වුනා නික්ම්ම..

ආවම කතා නායකයා මෙතුල් තමා..මිනිහා ෆැමිලි ගායි වගේ අයියයි අක්කයි අම්මයි තාත්තයි අරෙන්න වෙන දෙයක් උගේ ලෝකෙ නෑ..හරි ආසාවෙන් එයා පවුලේ වෙන සිද්ධි අපිත් එක්ක කියන කොට අපිත් අහන් ඉන්නවා ආච්චිගේ කතා රස කර කර අහන් ඉන්න මුනුපුරා මිනිපිරී වගේ...

HUNTING PAST ✓Where stories live. Discover now