chapter 63

1.7K 300 24
                                    

කොච්චර වෙලාවක් කටත් තද කරන් මම එතන හුස්ම අල්ල අල්ල ඇඬුවද කියලා මම දන්නේ නෑ..පවුලක සෙනෙහස මේ තරම් බර හැඟීමක්ද කියලා මටම හිතෙත්දී හිතේ තියෙන හැම දෙයක්ම මම නෙතිල් අයියාගේ දොරකඩ පාමුල අතහරිද්දී කවදාවත් මම දැනිලා නැති උනුසුමක් මාව වෙලා ගෙන තිබුනා..

තව කෙනෙක්ගේ පවුලක සෙනෙහසට ලොබ කරන එක මොන වගේ පව්කාර වැඩක් වුනත්, විශේෂයෙන් ඒ පවුලේ සමගිය සතුට නැති කරපු කෙනා වුන මමම ඒ දේට එක මොහොතකටවත් පෙලඹන්න හිතුනේ නැති වුනත් මිනූ ආන්ටිගේ වචන කීපයට පුලුවන් වුනා පවුලක් ගැන අලුත් බලාපොරොත්තුවක් මගේ හිතේ ඇති කරන්න..

මම දන්නවා මම කරන්නේ වැරැද්දක්..ඒත් පුතෙක් වෙන්න ආපහු මට අවස්ථාවක් ලැබුනා කියන සිතුවිල්ලම මාව මේ තරම් හැඟීම්බර කරපු විදිහ ඇත්තටම මටම හිතා ගන්න බැරි වුනා..ඒ බර හිතේ තියාගෙනම කවදාවත් අඬලා නැති තරම් කට තද කරන් මම ඇඬුවේ පපුවත් කාරගෙන ගෙන වේදනාව මුසු සහනය ඇස් වලින් දොරේ ගලන කොට..

අඬන එක නුහුරැ නිසාම ඇස් දෙකත් එක්ක දැවිල්ල ගනිද්දී පපුව හිර වෙලා මැරෙන්න යනවදෝ කියලත් හිතුනම මම හිතලම ඒක නතර කරගත්තා..මොහොතක් දොරට හේත්තු වෙලා හුස්ම පාලනය කරගත්ත මම පුපුරන්න වගේ දැනුන ඔලුවත් අල්ලන් මෙතුල්ගේ කාමරේට පැන්නේ නෙතිල් අයියාගේ කාමරෙන් සද්දයක් ඇහුනමයි..බාත්රෑම් එකට පැන්න මම කන්නාඩි ප්‍රතිබිම්බයෙන් දැක්කේ අැස් දෙක ලේ පාට වෙලා කට තද කරන් ඉඳලම රතු වෙලා තබ්බ මගේ මුනයි..පපුව තද කරන් හිටපු නිසා ඇඳන් හිටපු ශර්ට් එක පොඩි වෙලා...

අඬන එක ලේසි නෑ..

සීතල වතුරෙන් මූන හෝද ගත්ත මම ටික වෙලාවක් හුස්ම ඉහල පහල දදා සම්පූර්ණයෙන් සන්සුන් වුනාට පස්සේ පුදුමෙන් වගේ කන්නාඩිය දිහා ආපහු බැලුනේ කවදාවත් නැතුව හරි සැහැල්ලුවක් ඇගට දැනෙද්දි..

'අඬලා ඉවර වුනාම මෙහෙම relax එකක් දැනෙනවද ?'

රතු වෙලා තිබ්බ මූන සීතල වතුරට ආපහු යථාත්වෙට පත් වෙලා තියෙද්දී කලින් දැනුන ඔලුවේ බර ගතියත් නැති වෙලා තියෙන කොට මම මගේ ප්‍රතිබිම්බය දිහා පුදුමෙන් බලන් හිටියා..

HUNTING PAST ✓Where stories live. Discover now