chapter 16

2.4K 377 43
                                    

නෙතිල් pov :

ආහ්හ්හ්...අර බටු ඇටේ..

ඉස්කෝලෙදි මෙතුල්ව හම්බෙලා ශෙනන් කෑවේ නෑ කියලා කිව්වම මට ඌරැ ජුවල් නැග්ගා..මේ බටු ඇටේ කන්නේ නැතුව ඉඳලා ක්ෂුද්‍ර ජීවියෙක් වෙන්න යනවද මන්දා ?

මම බත් කාලා හිටියත් කොල්ලා කාලා නෑ කියලා දැන ගත්තම කාපු ටිකත් පිච්චිලා ගියා..කොහොම හරි දන්නා දහංගැට සේරම දාලා බත් එකෙන් බාගයක් කවා ගත්තම බලන්න එපායෑ කොල්ලගේ මූන..හොඳ වැඩේ !

ඒත් මූනේ තිබ්බ තෙහෙට්ටු පාට සුදුමැලි ගතිය දැක්කම මට මූන දිහා කෙලින් බලන්න බෑ වගේ දැනුනා..රෑ දැම්ම message එකට පාන්දර reply ආවම මම දැනගත්තා අදත් එයාට නිදි නැති දවසක් කියලා..

පව් කාපු ටිකත් වමනේ ගියා..මම එයාවත් උස්සන් සික් රෑම් එකට දුවන අතරේ මට මතක් වුනේ මීට අවුරැදු දෙකකට කලින් ලේ වලින් නෑවුනු සිරැරක් මගේ ඇඟට තද කරගෙන මහ හයියෙන් අඬ අඬා පාර දිගේ දිව්ව විදිහයි..ඒ සිද්ධිය එක්ක ආපහු පරන මතක ඇවිස්සුනු මම එයාව බදන් ඉකි ගගහා ඇඬුවේ ජිවිතේ කවදාවත් නැති තරම් මේ අවුරැදු දෙකට ඇස් ගෙවෙනකම් අඬලා අඬලා මම හෙම්බත් වෙලා ඉදිද්දී..

ඒත් අවුරැදු දෙකකින් හම්බුන ඒ පහසට මට එවලේ සතුටටත් ඇඬුනා අප්පා..
රැසිරැවා එවලේ ආවේ නැත්නම් මට මගේ කොල්ලව තව ටික වෙලාවක් තුරැලු කරන් ඉන්න තිබ්බා..

අර රැසිරැවා ගේ ආච්චිට !!! ඌට ශෙනන්ගෙන් මොන මඟුලක් ඕනේ වෙලාද කියලා මට හිතා ගන්න බෑ..මට විශ්වාසයි උෟට ශෙනන් ගැන කැමැත්තක් නෑ..එහෙනම් මොන රෙද්දක් කරන්නේ පැය විසිහතරෙම එයා වටේ කැරකි කැරකි ?

මටත් ඌ වගේ නිදහසේ ශෙනන්ට ලං වෙන්න තිබ්බා නම් කියලා මට හිතුනා..

අපි දෙන්නගේ තත්වේ සාමාන්‍ය එකක් වෙලා තිබ්බා නම් ?

අනිත් teenage ලමයි වගේ අපිත් සාමන්‍ය ජීවිතයක් ගත කරලා තිබ්බා නම් ?

එහෙනම් මටත් නිදහයේ එයත් එක්ක flirt කර කර හරිම ලස්සන කාලයක් ගත කරන්න තිබ්බා..

මටත් ලස්සන කාලයක් තිබ්බා..යාලුවෝ එක්ක ෆුට්බෝල් පාරක් ගහලා, trip එකක් ගිහින්, ගෙදර අයත් එක්ක ජොලියට රන්ඩුවක් ඇදලා නිදහසේ හිටපු කාලයක්..

HUNTING PAST ✓Where stories live. Discover now