ඇතුලට ආව අකිලව දැක්ක ගමන් මම ගැස්සිලා ගියේ එයාව දකින වාරයක් පාසා දිල්කි අක්කා මතක් වුන නිසා..
එයාට වුන දේවල් කියන්න ඕනේ වුනත් එකපාරට ඇඟට පැනලා තෝ තමා මගේ කෙල්ල මරා ගත්තේ කියලා බෙල්ල මිරිකුවොත්?!
ටයි එක බුරැල් කරන ගමන් එයා වෙහෙසින් පුටුවට කඩන් වැටුනේ එයා ගිය ගමනෙත් එච්චර හොඳ ප්රථිපලයක් තිබිලා නෑ කියලා අපිට තේරෙද්දී..
"මොකෝ වුනේ?"
අයියා ඇහුවත් එයා ඔලුව වැනුවේ මුකුත් නැ කියන්නයි..
"වැඩක් නෑ..කම්පැනි එකේ හැමදේම නෝමල්..හැබයි යටින් මොකක් හරි සිද්ධියක් යනවා.."
"අම්මා මෙදා පාර මොකක් කරන්න යනවද?"
"මම හිතන්නේ නැ ෂෙරින්ගේ වැඩක් කියලා..එයාගේ පැත්ත නෝමල්..ඒත් රොනල්ගේ සයිඩ් එක නම් භූමිතෙල් කාපු ඟැරඬියා වගේ..සේරම අවුල් ජාලයක් වෙලා..දැන් රොනල් ආපහු හදිසියේ රට යන්න හදනවලු..එයා ට්රයි කරන්නේ ශෙනන්වත් අරන් පනින්න"
අකිල කිව්වම නෙතිල් අයියා මගේ අතින් අල්ලගත්තේ මට මුකුත් වෙන්න දෙන්නේ නැ කියලා කියන්න වුනත් මේ පාර මට දැනුන කරදරකාරි හැඟීම නතර කරන්න බැරි වුනා..
"ඇයි එයා මාව හොයන්නේ? "
"ඒක දන්නේ නෑ..මම හිතන්නේ next week එකේ ඔයාට හම්බෙන shares ටික නිසා වෙන්න ඇති..එයා permanently ඔයාව ලඟ තියාගත්තොත් එයාට ලේසි ඔයගේ ටිකත් control කරන්න.."
අකිල කිව්වත් මම ඔලුව වැනුවේ එයා එක්ක එකඟ වෙන ගමන්..මට ලබන සතියේ නීතියෙන් හම්බෙන shares ටිකයි හම්බන්තොට branch එකේ කොටස් ටිකයි පාලනය කරන්න පුලුවන් වෙනවා කියන්නේ මම විසින්ම වෙන කාට හරි ඒක ලියලා දෙන්නත් මට පුලුවන් වෙනවා කියන එකයි..එයා හදන්න ඇත්තේ මාව අරන් මගේ ටික එයාට ලියාගෙන මාව පරන පුරැදු විදිහට පාවිච්චි කරන්න වෙන්න ඇති..
ඇඟත් එක්ක පොඩි හිරිවැටීමක් යද්දී තත්වෙ බරපතලකම මෙච්චර කල් ලොකුවට නොහිතපු මට දැන් තේරැනා මේක මොන තරම් බරපතල සිද්ධියක්ද කියලා..
"තව දිල්කිගේ තාත්තාගේ shares ටිකේත් ප්රශ්නයක් වෙලා තියෙනවා..කියන විදිහට තාත්තා තාම ජීවතුන් අතර ඉන්නවා වගේ..තාත්තා නැත්තම් මල්ලි..මුකුත් හිතා ගන්න බැ අපිට..කවුරැ හරි යටින් ලොකු ගේමක් ගහනවා අපිට නොදැනි.."
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...