දින ගනන් ගෙවිලා ගියත් නෙතිල්ගේ හා ශෙනන්ගේ තත්වයන් එකිනෙකට වෙනස් නොවුනේ දෙන්නම එක සමාන විදිහට දුක් විඳිද්දී..
ශෙනන් පහලොස් වන දිනේ වෙන කොටත් ඇස් ඇරියේ නැති කොට නෙතිල් එදයින් පස්සේ ආපහු කාමරයට වැදුනේ නුරාද් මීනුට ආපහු කරකියා ගන්න දෙයක් නැති වෙද්දී..එයා ඉන්න තත්වේ අනුව ලන්ඩන් තියා ගෙදර තනියෙම දාලා යන්නවත් බෑ කියලා තේරැන ඒගොල්ලො අන්තිමේදි නෙතිල්ගේ scholarship එක නතර කලේ ඒත් එක්කම එයාට මනෝ වෛද්‍යවරයකු වෙත ගෙනියන්න තීරණය කරන අතරේ..මනෝ වෛද්‍යවරයකු ලඟට ගෙනියන්නවත් නෙතිල් එලියට එන්නේ නැති කොට ඒ අදහසත් කල් දාන්න ඒගොල්ලෝන්ට සිද්ද වුනා..නෙතිල් අන්තිමේදි එලියට ආවේ ශෙනන්ට සිහිය ආපු දවසෙයි..ශෙනන්ව දකින්න පුලුවන් තත්වයේ ඉන්නවා කියලා නුරාද්ගෙන් දැන ගත්ත නෙතිල් සතුටු වුනත් ඒ කිසි දෙයක් වෙනස් නොවුනේ ශෙනන්ව ආපහු අර අපායටම ගෙනියනවා කියලා නෙතිල් දැනගෙන හිටිය නිසයි.. හිතුව විදිහටම සිහිය ආ සැනින් වගේ ශෙනන්ව ආපහු ගෙදර ගෙනියපු අසංකගෙන් දැනගත්ත දේ හැමෝගෙම හිත් වලට ගෙනාවේ සතුටක්ද දුකක් ද කියලා කාටවත් හිතා ගන්න බැරි වුනා..
ශෙනන්ගේ ශරීර ස්‍යෙඛ්‍ය සාමාන්‍ය තත්වෙට ආවද එයාට වුන දේවල් කිසි දෙයක් මතකේ තිබ්බේ නෑ වගේම මාස ගානක අඳුරැ මතකයන් එයාගේ මනසින් මැකිලා ගිහින් තිබ්බා..
ඒකෙන් අදහස් වෙන්නේ...
එදා එයාව බේරගත්ත නෙතිල්වත් එයාට අමතක වුනා කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑ කියන එකයි.
හැමදේම වෙන්නේ හොඳටයි කියලා නුරාද් හිතුවත් නෙතිල් තවත් කාමරයට කොටු වුනේ ශෙනන් වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැරි වුන එක හා ඉස්සරහටත් කරන්න බැරි වෙන එක ගැන පසුතැවිල්ල දවසින් දවස දෙගුන වෙන අතරේ..
හැමදේම ආපහු සාමාන්‍ය තත්වෙට පත්වුනේ නෙතිලුත් කාමරේට වැදිලා සති දෙකක් ගත වෙනකොට..ඒ වෙන කොට ශෙනන් ගැන කිසිම ආරංචියක් නැතිවෙද්දී නෙතිල් කාමරේ ඇතුලේ ඉඳන් මොකක් කරනවද එයාට මොකක් වෙලාද කියලා කාටවත් හිතා ගන්න බැරි වුනා.
ඒත්...
ඒ හැමදේම නොහිතපු විදිහට වෙනස් වුනේ නෙතිල්ගේ ජීවිතෙත් සම්පූර්ණයෙන් උඩුයටි කුරැ කරන ගමන්..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...