"එ්යි ඔහොම හිටපන්!!"
චාමර සර් රා ගිල්ල නාලාගිරි ඇතා වගේ මගේ පැත්තට දුවන් එද්දී පනින්න හිතලවත් තිබ්බේ නැති මම තාප්පේ දිගේ බඩගාලා අනික් පැත්තට පැන්නේ අරයට අහුවුනොත් මගේ මල ගම තමා වෙන්නේ කියලා හිතන ගමන්..
යන්නේ කොහෙටද කියලා හිතා ගන්න බැරි වෙද්දී හිස හැරැනු අතට පන එපා කියලා දුවන්න ගත්ත මම දැක්කේ තාප්පේට අත් දෙක තියලා යටිගිරියෙන් කැගහන සර්වයි..
"මදැයි ඔයින් ගියා"
තිබ්බ කැසිල්ලට තාප්පේ දිහා බලන් හිටියේ පනින්න නෙමේ අප්පා..අර යකාත් එවලෙම පාත් වුනා නේ. වෙන කෙනෙක් නම් කමකුත් නෑ..දෙකක් ඇනලා තමා චාමර සර් අහන්නේ 'උඹ මොකක්ද තාප්පේ ලග කලේ කියලා'..ගුටි කාලා මියැදිල්ලක් තමා මෑන්ස්ට අහුවුනොත්.
ස්පයිඩර් මෑන් වගේ පැන්නට බෑග් එකත් ඉස්කෝලේ..සල්ලිත් නැ..කාලත් නෑ..තාම දොලහ වෙලාවත් නැති නිසා ගෙදර යන්නත් බෑ.. දැන් ආපහු යන්නත් බයයි..එනකම් හිටියොත් අර මිනිහා...පතාගෙන ඇවිත් ඔතාගෙන යන මිනිහා නේ..
ඔලුවත් කස කසා මම එහෙම්ම රබර් වත්ත පැත්තට හැරැනේ සුපුරුදු තැනට යනවා කියලා හිතන්..
අක්කර ගානක කුඹුර පාස් කරන් කට්ට අව්වේ ආපු මම නතර වුනේ කුඹුරයි රබර් වත්ත පටන් ගන්න තැනයි අතරේ සාරෙට හැදිලා තිබ්බ අඹ ගහටයි..වෙනදා විදිහට අඹගහ යට තිබ්බ දිරිච්ච ලෑලි බෙන්ච් එකේ හාන්සි පාරක් දැම්මේ මේ පැත්තට මලාට කවුරැත් එන්නේ නෑ කියලා දන්න නිසයි..
මම වුනත් රබර් වත්තට යන්නේ නැත්තේ ඕකේ ඇතුලේ අරක් ගෙන බලු පරාන ටික නිසයි..ඕකුන්ට අහුවුනා කියන්නේ පිරානා මාලු රෑනකට අහුවුනා වගේ තමා..
සල්ලි තියෙන දවස් වලට town එකේ රවුම් දාන මම සල්ලි නැති දාට මෙතනට එන්නේ මෙතන තියෙන නිස්කලංක කම නිසයි..හැබැයි වෙනදට මෙතුල් හරි කෙනෝ හරි මාත් එක්ක එනවා..ෂික් ඒගොල්ලො හිටිය නම් චැටක් දාන් ආතල් එකේ ඉන්න තිබ්බා."මලා..මට ඒ දෙන්නව අමතක වුනානේ !"
දැන් මාව පන දාගෙන හොයනවා ඇති..හම්බුන වෙලාවක හොඳට කන පුරවගන්න ලෑස්ති වෙලා ඉඳපන්කෝ දැන් !
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...