"ඔයාගේ ඉස්කොලේ මොකක්ද?"
"ඔයා කී වසරෙද?"
"මටත් ඉන්නවා ඔයාගේ වයසේ විතර මල්ලි කෙනෙක්..ඔයා වගේ කියුට් නම් නෑ..මහ නරැමුස් අප්පා.."
"එයා කැමති ඉතින් බෝලෙකට පයින් ගගහා ඉන්න තමා..මෙලෝ රහක් නෑ අප්පා..නැත්නම් පොතක් බදාගෙන..මම තංගල්ලේ ඉන්නේ..මල්ලිට අසනීප නිසයි ආවේ..ඒ ඇවිල්ලත් මේ කොල්ලා මැච් කිය කියා අසනීප පිටින් යනවා නේ..මකලවත් හදන්න බෑ ඕකා.."
අක්කන්ඩි මාව බේරගත්ත එකට ස්තුති කරන්නවත් මට කට අරින්න ලැබුනේ නැත්තේ එයා අතෝරක් එකකට එකක් ගැපෙන්නේ නැති කතා කියවන් ගිය නිසයි..
එයා අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න තරම් පනක් මට නොතිබෙද්දී එයා කියන දෙයක් අහන් ඉන්න එක හොඳයි කියලා හිතුන මම කටවහගෙන ඔලුව වන වන හිටියා..
එයත් මගෙන් වෙච්ච දේවල් ගැන අහන්නේ නැතුව දිගින් දිගටම එයා එයාගේ මල්ලි ගැන කියවන්නේ මගේ අවදානේ වෙන පැත්තකට හරවන්න කියලා මට තේරැනත් එයා ආසාවෙන් මල්ලිගේ දේවල් කියද්දී මටත් දිල්කි අක්කා වගේ අක්කා කෙනෙක් හිටියා නම් කියලා හිතන එක නතර කරගන්න බැරි වුනා..
'මටත් මේ වගේ අක්කා කෙනෙක් හිටියා නම්?'
මම නොදැනුවත්වම මගේ හිත මොරගෑවම මට මන් ගැනම ලැජ්ජාවක් ඇති වුනේ මනුස්ස කමට උදව් කරන්න ආපු කෙනා ගැන එහෙම හිතපු එක වැරදියි කියලා හිතෙද්දී..
"එකපාරක් මෙයා ඉස්කොලේ අයත් එක්ක ලොකු වලියක් දාගෙන හරිද? ඊටපස්සේ-"
"ඔතනින් වමට"
එයාගේ අතෝරක් නැති කියවිල්ල එක්ක එයා මගේ ගෙදර ඉස්සරහ කාර් නතර කරාම එයා එයාගේ මල්ලී දාගත්ත රන්ඩුවක් ගැන කතාව නතර කරගෙන මම දිහා බැලුවේ සැලකිලිමත්ව..
"ඔයාට sure ද හොසිපිටල් යන්න ඕනේ නෑ කියලා?"
එයා මගේ නලලට ආපහු සැරයක් අත තියෙන ගමන් ඇහුවම මම ඔලුව වැනුවේ ඕනේ නැ කියන්නයි..
එ්ත් මේ වෙලාවේ මට ඇත්තටම වෛද්‍ය ප්‍රතිකාර ඕනේ කියලා දැනුනේ සැරින් සැරේ කොන්ද හිරි වැටීගෙන එන වේදනාවත් එක්ක මගේ ඇතුලත දැවිල්ල ගත්ත නිසා..වැදුනු සපත්තු පාරවල් වලට පිට ෂීට් එකේවත් ගාවන්න බැරි වෙද්දී මගේ කකුල් දෙකේම වලලු කර දෙකම ඉඳිමිලා කියලා මට තේරැනා..මගේ ඔලුව සිහිය හරියට තියා ගන්න මහන්සි කරලමද කොහෙද ටොන් ගානක් බරට දැනුනේ ඇස් පිල්ලම් ගහන එකත් මට මහා වේදනාවක් වෙද්දි..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...