නෙතිල් අයියා හෙමීට කොඳරපු විදිහට මගේ කොඳු නාරටිය දිගට දරැණු හිරියක් ගියා... ඇඳට එන්න !! මොකක්ද ඒ කිව්වේ... මට තේරැනේ මගේ හුස්ම හිර වුනා වගේ...
එයා තවත් මට ලං වෙද්දි අපි දෙන්නාගේ උණුසුම අපි අතරේ පීඩාකාරී විදිහට පැතිරැනා... වේගෙන් ගන්නා හුස්ම හඬවල් කාමරය පුරා පැතිරැනේ තිබ්බ පීඩනය තවත් වැඩි කරන ගමන්... මගේ කනට එයාගේ මූන ලං වෙනකොට එයාගේ හුස්ම මගේ බෙල්ලේ වැදිලා කිතියක් ඇති කලා... තදින් ඇස් දෙක පියා ගත්ත මම එයාගෙ සුවඳත් එක්ක ආපු අමුතු පහස විඳ ගත්තා...
ඒත් එක්කම සීතලක් මාව වට කරගත්තම මම බැලුවේ මොකක්ද වුනේ කියලා... මාව මැදි කරන් හිටපු අත් දෙක අතුරුදහන් වෙලා තිබ්බම මම පිටිපස්ස හැරුණා... කලින් විදිහටම ඇඳේ ඉඳගෙන පිටිපස්සට බර වෙලා හිටපු නෙතිල් අයියා මම දිහා අහිංසක විදිහට බැලුවේ එයා එතනින් එක තප්පරෙකටවත් හෙල්ලුණේ නෑ වගේ...
" කෝ එනවකෝ කොල්ලෝ..."
එයාගේ කලවට තට්ටු කරන ගමන් එයා කියද්දී මම එක දිගට එයා දිහාම බලන් හිටියේ මොකක්ද කියන්න ඕනේ කියලා හිතා ගන්න බැරැව...
දොර ඇරගෙන එළියට ගිය මම කොරිඩෝව දිගේ පිස්සුවෙන් වගේ දුවගෙන ගිහින් නතර වුනේ ගුරුවරුන් ගේ බාත්රූම් එකේ... හොඳ වෙලාවට කවුරුවත් ඇතුලේ හිටියේ නෑ... නැත්නම් චෙරි ගෙඩියක් වගේ රතු වෙලා හිටපු මාව දැකලා හිතයි මට අතවරයක් වෙලා කියලා... හයියෙන් ගැහෙන පපුවත් අල්ලගෙන එතනම මම බිමට නැවුනේ තාමත් එයාගේ සුවඳ මගේ ඔලුවෙ කැරකෙන කොටයි...
" මොකක්ද ඒ වුනේ...?"
මම මගෙන්ම අහගත්තේ ගැහෙන පපුව දෑතින් බදා ගන්න ගමන්... ඒත් මට තිබ්බ ලොකුම ප්‍රශ්නෙ එයා එහෙම හැසිරැන එක නෙමේ... මම ගැනයි...
වෙනදට මේ විදිහට කෙනෙක් ලං වුණාම සිද්ධ වෙන එකේ අනික් පැත්තයි අද වුනේ... මම එයාව නැවැත්තුවේ නෑ... ඒ වෙනුවට මම එයාගේ පහසට තවත් ආකර්ෂණය වුනේ මම කාටවත් කවදාවත් ලං නොවුන විදිහට...
.
.
.නෙතිල් pov :
" දෙයියනේ මම මොන මඟුලක්ද ඒ කලේ...!?"
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...