chapter 61

1.8K 301 20
                                    

උදේ සෝෆා එකේ ඇහැරැනු මම නැගිටලා හිරි ඇරියේ තාමත් පස්සත් උඩ දාන් නිදා ගෙන ඉන්න නෙතිල් අයියා දිහාට බැල්මක් හෙලන ගමන්..මම රෑම සෙටියට ආවේ නෙතිල් අයියා හැමතැනම නින්දෙන් දඟලන්න ගත්ත නිසා..පස්සේ එයා ඇඟ උඩට එන්න ගත්තම මාව එයාගේ ලොකු ඇඟට යට වෙලා ඇඳට ස්ටිකර් එකක් වෙන්න කලින් මම නැගිටලා සෙටියට ආවා..

අතේ අලුතින් තිබ්බ තුවාල එක්ක ඊයේ එයා මුරණ්ඩු විදිහට කාටහරි ගැහුවා කියලා කියපු විදිහ මතක් වෙද්දි මම සුසුමක් හෙලුවේ මේ දේවල් ආපහු නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන්..එයා එහෙම ලේසියෙන් ගහගන්න කෙනෙක් නෙමේ නිසා ගහලා තියෙන කවුරැ වුනත් හේතුවක් ඇතුව එයා කරන්න ඇත්තේ කියලා මම දැනන් හිටියත් නෙතිල් අයියාට කේන්ති ගියාම කොච්චර දුරකට පාලනය නැති වෙනවද කියලා දන්න නිසාම මට අැති වුනේ බයක්..
අකිල ⁣මේ ප්‍රශ්න දුරදිග නොයන විදිහට බලා ගන්නම් කියලා තිබ්බත් මේ දේවල් දිගටම වුනොත්..?
අයියාගේ පොන් එකත් ඕෆ් වෙලා තිබ්බාම එයත් මේකට සම්බන්ධ වෙලා ඇති කියලා හිතුන මම ප්‍රාර්ථනා කලේ අඩුම ගානේ එයාවත් මේ වගේ දෙයක් අායේ නොවෙන්න වග බලා ගනීවි කියලා..

සුසුම් හෙල හෙලම නෙතිල් අයියා ලඟට ගිහින් සුපුරුදු විදිහටම ඇග වටේ එතිලා තිබ්බ බෙඩ්ෂීට් එක අරන් ගසලා එයාට පොරවපු මම මූන හෝදන් කාමරෙන් එලියට අාවේ එ් වෙන කොට ඉරිදා නිසා මිනු ආන්ටි කුස්සියේ බරටම වැඩ කරන්න අරන් තියෙන කොටයි..මම හොර පූසා වගේ හිනාවක් දාලා එතනින් ෂේප් වෙන්න බැලුවේ මම නෙතිල් අයියා එක්ක නිදා ගත්තා කියලා අහු වෙයි කියලා බයටයි..

"Good morning පුතා.."

කුස්සිය ලගින් ආපහු හැරිලා යන්න හදපු මම ආයිමත් කුස්සියට එබිලා කට පුරෝලා හිනා වුනේ මම හිටියේ නෙතිල් අයියාගේ කාමරේ කියලා එයා දැනගෙනදෝ කියලා සැකයක් ඇති වෙද්දී..

"Good morning ආන්ටි"

ආන්ටිගේ මූනේ තිබ්බේ නම් හිනාවක්..වෙනදා වගේම ලගට අඬගහලා එයාගේ අලුත් රෙසිපි වල ලුනු බලන්න කියලා කියයි කියලා බයකුත් ඇති වෙන කොට සමාන්‍ය විදිහට අැතුලට ගිය මම එයා හැඳි ගගා හිටිය පරිප්පු හොද්ද දැකලා සැනසුම් සුසුමක් හෙලුවා..

HUNTING PAST ✓Where stories live. Discover now