chapter 65

1.8K 303 36
                                    

හීනෙන් වගේ ගෙදර ආව මම අාච්චි ආවේස වෙන්න කලින් කාමරේට පැන්නේ නෙතිල් අයියා විදුරව හොයාගෙන ගිහින් පලි අරගෙන කියන එක තාමත් මට අදහ ගන්න බැරැවයි..නුරාද් අංකල් හරි ලස්සනට විදුරගේ තුවාල විස්තර කරද්දී මගේ ඇඟ හිරි වැටිලා ගිය පාර තාමත් මොලේ ගල් වෙලා වගේ.... මම පියවි සිහියට ආවේ සෙසේ ඇඟට පැන්න පාරටයි..

"ඤාව්!!"

මගේ ඇඟේ අැතිල්ලෙන ගමන් එක දිගට කෑගැහුවේ ගොඩ දවසකින් මම ගෙදර ආවේ නැති නිසා වෙන්න ඇති..එයාවත් අතගාන ගමන් මම මතක් කලේ එයාගෙයි මගෙයි අතීතේ..

මේ පූසා හිටියේ නැත්තම් මම එදා දිවිනසාගෙන.. ජීවිතේ දෙවෙනි අවස්ථාවක් ලබා දුන්න මෙයා එදා තාත්තාගේ අතට දීලා මම ආවේ අනාගතේ ගැන මටම හරි බලාපොරොත්තුවක් තිබ්බේ නැති නිසා..එ්ත් ආච්චි ලගට ඇවිත් දවස් කීපයකින් මහප්පා මෙයාව මගේ අතට දීලා තව තව සෙල්ලම් බඩු ටිකකුයි පූස් කෑම ටිකකුයි තියලා "මෙන්න මූව තියා ගන්න" කියලා ගියාම මම ගෙදරින් ආවට පස්සේ සතුටු වුන පලවෙනි දවස වුනා..එදා ඉඳන් ආපහු ඉස්කොලේට යනකම් මගේ ජීවිතේ වුනේ සෙසේ විතරයි..

මෙයා වගේම මට දෙවෙනි ජීවිතයක් දුන්නේ නෙතිල් අයියා..අහම්බෙන් හරි එදා මම එයාව කැන්ටිමේදි උඩින් විසික් කලේ නැත්නම් අදටත් එයා මට ලං නොවී ඉන්න තිබුනා..කාලය ගිය ඉක්මන..!

මේ ටික කාලය ඇතුලත නෙතිල් අයියා මගේම කොටසක් වෙලා කියලා වගේ රොමෑන්ටික් කෑල්ලක් කියන්න තිබ්බා නම් මරැ..අනික් කපල් වගේ මෙයා මගේ හුස්ම කියලා කට වචනයක් නෙමේ..මාව තනිකරම වෙනස් චරිතයක් කරපු කෙනෙක්..මම නොදැකපු දේවල් මට දැනෙන්න දුන්න කෙනෙක්..මැරැනු මිනිහෙක්ට පන දුන්න කෙනෙක්..

කලින් මගේ දහඅට වෙනි උපන්දිනේ වෙන්න තියෙන දේ ගැන මට කලින් බයක් තිබ්බත් දැන් මට කිසිම බයක් තිබ්බේ නැත්තෙත් නෙතිල් අයියා නිසා..කලින් මට ⁣මාව පරණ තත්වෙටම වැටෙන්න වෙයි, මට ආපහු ඒ දේවල් වලට මූන දෙන්න වෙයි කියලා තිබ්බ බය හැමදේම නැති වෙලා තිබ්බේ මම තවදුරටත් තනි නෑ කියලා මට දැනුන නිසා..

ඔව් මම දැන් තනි නෑ..කලින් මට නැති වෙන්න කියලා දෙයක් තිබ්බේ නෑ..ඒත් දැන් මට රැකගන්න දෙයක් තියෙනවා..viki group එක මොන දහන් ගැටේ මට දැම්මත් දැන් නම් මට කොහෙත්ම නෙතිල් අයියව අතහරින්න බෑ කියන එක මම දැනන් හිටියා..

HUNTING PAST ✓Tahanan ng mga kuwento. Tumuklas ngayon