chapter 52

1.7K 313 26
                                    

දවස් දෙකක් ඉස්කොලේත් නොයා විවේක ගත්ත මම ෆිලම් බලා බලා වෙච්ච දේවල් පුලුවන් තරම් අමතක කරන්න උත්සහ කලේ ගෙදර වගේ ඉස්කොලේත් මේ වගේ දේවල් වෙන්න එපා කියලා හිතින් යදින ගමන්..පුදුමෙකට වගේ රොනලුත් මට වදයක් නොවී පාඩුවේ හිටියේ හැමදාම මේ වගේ වනවා නම් කොච්චර හොඳද කියලා මට හිතෙද්දී..

ඊටපස්⁣සේ මම ඉස්කොලේ ගියාම මම විදුර හරි එදා හිටිය කට්ටිය හරි ඉඳීවි බයෙන් හිටිය මම සැනසුම් සුසුමක් හෙලුවේ එ්ගොල්ලෝ ඉස්කොලේ ඇවිත් නෑ කියලා දැනගත්ත වෙලෙයි..දවස් කීපයක්ම ගෙවිලා ගියත් එ් කවුරැත් ඉස්කොලේ නොඒද්දී මට පොඩි සැකයක් ඇති වුනත් මම ඒ ගැන වැඩිය හිතන්න ගියේ නෑ..ඒත් මට අවුල් ගියේ විදුරගේ යාලුවෝ කලින්ට වඩා මාත් එක්ක ඔරොප්පු වෙන්න ගත්තමයි..දකින දකින් තැන මට මොකක් හරි කැත කතාවක් කියන උන් විදුරගේ අඩුපාඩුව නම් සම්පූර්ණ කලා..

අඩුම ගානේ ප්‍රශ්න ටික විසඳුනානේ කියලා හිත හදන් හිටිය මම හදිස්සියේ ආපහු සැරයක් අසනීප වුනාම ගෙදර නතර වෙන්න වුනත් රොනල්වත් මට කරදර කරන්න ආවෙ නෑ..

කුනාටුවක පෙර එන නිහඩතාවදෝ මේක කියලා හිතට පොඩි සැකයකුත් ඇති වුනත් ලද ඉ⁣ඩෙන් පුලුවන් උපරිමේ සතුටු වුනා.

ඒත් ඒ සතුට කෙලින්ම සුනු විසුනු වෙලා ගියේ මගේ phone එකට ආව video එකකින්..unknown number එකකින් ආව ඒ විනාඩි ගානේ video එකේ තිබ්බේ එදා cleaning room එකේ මාව අසික්කිත විදිහට ⁣පිරිමි හය දෙනෙක් බිමට තද කරන් මට වද දෙන විදිහයි..
.කවුරැ කොයි වෙලේ ඒක video කලාද කියලා කිසිම අදහසක් නොතිබෙද්දී කරලා තියෙන කවුරැ වුනත් ඒක හදලා තියෙන්නේ ඒක මගේ වුවමනාවෙන් වුන දෙයක් විදිහටයි..audio edit කරලා කොටස් කෑලි කැලි හදලා තිබ්බ ඒක දැක්කම ඇයි මට මෙහෙම වෙන්නේ කියලා මගෙන්ම ඇහුවා..

මේක අම්මලා දැක්කොත් මගේ වැරැද්දක් තිබ්බත් නොතිබ්බත් ඇඟිල්ල දික් කරන්නේ මට කියලා මම දන්න නිසා මම දන්න දන්න අයට කතා කරලා මේක delete කරන්න උත්සහ කලත් මෙච්චර කල් මම එක්ක message වලින් කතා කරපු අය පවා මාව block කරලා තිබ්බා..මගේ මූන record වෙලා නැතත් මාව එක දවසක් හරි දැකලා තියෙන කෙනෙක්ට ඒ video එකේ ඉන්නේ මම කියලා අඳුරගන්න අමාරැ නෑ..

HUNTING PAST ✓Donde viven las historias. Descúbrelo ahora