Chapter 56

1.7K 282 55
                                    

ක්ෂණිකයෙන් තීරණයක් ගත්ත මට ඊලග මතක තිබ්බේ මම ආපහු පාර දිගේ ලේ පෙරෙන පූස් පැටියෙකුත් ඇඟට තුරැලු කරන් හති දදා දුවන විදිහ විතරයි..

ලයිට් කනු ගොඩක් පාස් වුනත් එක වාහනයක් වත් මට හම්බුනේ නෑ..වෙනදට පාරේ ඉන්න බේබදු අංකල්ලා ටිකවත් නැති වෙද්දී පස්සේ තමා මට මතක් වුනේ අද පෝය කියලා..

වටපිට බලන ගමන් දිව්ව මම ඇරලා තිබ්බ කඩයක්වත් නැති වෙද්දී එක දිගට කෑගහන පූසව තද කරන් ප්‍රාර්ථනා කලේ කොහොම හරි අද මෙයාව බේරගන්නවා කියලා මටම කියා ගන්න ගමන්..

ඈතින් ලයිට් දාපු ඩිස්පෙන්සරියක බෝඩ් එකක් පෙනෙද්දී මම ඒ දිහාට ඉක්මනට දුවගෙන ගියා..

"ඩොක්⁣ටර්...!"

චූ⁣ටි ඩිස්පෙන්සරියක් වුන එකේ හිස් වුන පුටු පේලි ටික පහු කරන් කවුන්ටරේ ලඟට ගිහිල්ලා කැගැහුවම අවුරැදු පහනක විතර වයසක ඇන්ටි කෙනෙක් කවුන්ටරේ වීදුරැ කවු⁣ලුවෙන් එලියට එබුනා..

"ඩොක්ටර් නම් තාම නෑ..ටික වෙලාවක් ඉඳගෙන ඉන්න ඩොක්ටර් තව ටිකකින් ඒවි"

එයා ඈනුමක් අරින ගමන් කිව්වම එහෙනම් මොන මගුලකටද මේක ඇරලා තිබ්බේ කියලා අහන්න හිතුනත් එයා ආපහු කවුන්ටරේ ඇතුලේ නොපෙනිලා යන්න කලින් මම ඉස්සරහට පැන්නා..

"අනේ ආන්ටි මේක පොඩි හදිස්සියක්..මේ පූස් පැටියට අමාරැයි..මොකක් හරි-"

"මේක සත්තුන්ට බෙහෙත් කරන තැනක් නෙමේ ලමයෝ..යනවා යනවා වද නොදී..නින්දත් කැඩුවා මගේ"

එයා එකපාරට මගේ ඇඟට කඩන් පැන්නම මටත් රතු කට්ට පැන්නා..

"මේකත් ජීවිතයක් තමයි..කුනු ගොඩක් වගේ පැත්තකට විසික් කරලා දාලා තිබ්බට..බෙහෙත් කරන්න බැරි නම් පුලුවන් තැනක්වත් මට කියන්න..මේයාට අමාරැයි"

මගේ අත් උඩ එක දිගට චෑස් චෑස් ගගා කෑගහන පුසව පෙන්නලා මම කියද්දී මම සැරෙන් කතා කරපු නිසාද කොහෙද එයා ගැස්සිලා ගියා..

හොඳට හරි බරි ගැහිලා මගේ දිහා හොඳට බැලුව එයා මාව උඩ ඉඳන් පහලට ස්කෑන් කලාම එයාට දකින්න තිබ්බේ නම් ඒ තරම් හොඳ දර්ශනයක් නෙමේ..මගේ ඔලුව තනිකර හිරෙන් ආපු කෙනෙක් වගේ මුඩු කරලා, මූනේ පැත්තක් වැහෙන්න තඩි ප්ලාස්ටර් එකක්, කකුල් දෙක කුනු ගෑවිලා සෙරෙප්පු දෙකක්වත් නෑ, ඇඳුම පූසගේ ලේ වලින් නෑවිලා, කලිසමේ ෂිපර් එක දාලද දන්නෙත් නෑ?
කෙලින්ම පුනරුත්ථාපනය කඳවුරකින් පැනලා ආව පෙනුමක් තිබ්බ මාව උඩ ඉඳන් පහලට හොඳට ස්කෑන් කරපු එයා නිහඬව මගේ මූන දිහා බලන් හිටියා..

HUNTING PAST ✓Where stories live. Discover now