chapter 22

2.2K 351 76
                                    

"එයා lesbian අනේ..එයා ඇහුවේ කෙනෝගේ විස්තර "

මම කියද්දී කට අැරන් අහන් හිටිය එයා මගේ ඔලුවට ඇන්නේ මට මහ හයියෙන් කෑගැහෙද්දී.

"ආව්ව්ව් "

"මට වැඩක් නෑ ඒකි කා ගැන ඇහුවත්..කෙනෝ ගේ number එක නෙමේ ඔයාගේ එක දුන්නත් මට ඔයාව විශ්වාසයි ශෙනන් !"

ටොක්ක ඇනපු තැන එයාම අතගාන ගමන් එා කිව්වම මේ පාර කට අරැනේ මට..

"එහෙනම් මොන එහෙකටද-?"

"ඔයාට ඒකවත් තෙරෙන්නේ නැද්ද ශෙනන් ? "

"මොකක්ද ?"

මම ඇහුවේ මුකුත් හිතා ගන්න බැරැවයි..මගේ දිහා මෝඩ විදිහට බැලුව එයා මගේ බඳ වටේ අත දාලා එයාගේ පපුවට හේතතු කරගත්තා..

"මට කියන්න මම වෙන කෙල්ලෙක්ගේ අතින් අල්ලන් හිටියොත් ඔයාට මොකක්ද දැනෙන්නේ ?"

මම ටික වෙලාවක් කල්පනා කල මම උත්තර දුන්නේ හිතට අවංකවයි..

"මිනීමරැ හැඟීමක් "

මම අහිංසකව කියද්දී එයාගේ මූන බලන් ඉඳිද්දී බෙරි වුනා..

"නැ..මන් කිව්වේ ඔයාට මොකක්ද එවලෙට කරන්නේ ?"

එයා ආපහු ඇහුවම මම ආපහු තව ටිකක් හිතලා කලින් වගේම හිතට අවංකව උත්තර දුන්නා..

"මරනවා !"

මගේ උත්තරේ එක්ක එයාගේ ඇඟත් ගැස්සෙද්දී මට තේරැනා එයාගේ ග්‍රහනෙත් ටිකක් බුරැල් වුනා..

"මරනවා ? කාවද ?"

"එ්කිව..මනුස්සයෙක් මරලා හංගන එක මට මහ ලොකු වැඩක් නෙමේ !"

එයාගේ බුරැල් වුන ග්‍රහනයට හරියන්න මම එයාගේ පපුවට බර වෙලා කිව්වම මට ඇහුනා එයාගේ පපුව ගැහෙන සද්දේ..

දැන් අනිවා මෑන්ස් හිතනවා ඇත්තේ මම මොන වගේ මිනිහෙක්ද මේ කරගහන්න යන්නේ කියලා..දැන් ඉතින් පසුතැවෙන්න පරක්කු වැඩියි කොල්ලෝ..බැඳ ගත්ත බෙරේ ගහන්න තමා දැන් වෙන්නේ..

හිතුව මගේ මූනේ ඇඳුනේ හිනාවක්..

ඇත්තටම මම කවදාවත් මිනීමරලා නැති වුනත් ඒවට සාක්ෂි වෙලා ඇති ඕනේ තරම්..දැන් වුනත් මම මනුස්සයෙක් මරලා අම්මට message එකක් දාලා අත හෝදගන්න විතරයි තියෙන්නේ..මැරැනු මනුස්සයා මේ ලොකේ ඉපදිලා හිටියෙවත් නැති ගානට අතුරැදහන් කරන්න එයාට පුලුවන් කියලා මම දන්නවා..

HUNTING PAST ✓Where stories live. Discover now