Chapter 2

4.9K 547 27
                                    

වසර දෙකකට පෙර-

මම photography club එකට බැඳුනේ ඒකෙන් හම්බෙන ලකුණු 100න් වත් මම පන්තියේ අන්තිමයා වෙන එක නවතී කියලා හිතා ගෙනයි... ඒත් කවුද හත්තිලව්වේ හිතුවේ නමය වසරේ පොඩි එකෙක්ට ඒගොල්ලෝ කැමරාවක් ඇඟේ ගහලා ෆුට් බෝල් රියසල් එකක් කවර් කරන්න කියයි කියලා... !?

ලොකු අයියලට චියර් කරන කෙල්ලො රොතු අස්සෙන් රිංගලා කොහොම හරි කට්ට කාගෙන ඉස්සරහට ගිය මම උත්සහ කලේ කැප්ටන්ගේ හොඳ ඈන්ගල් එකක් ගන්නයි... දිගටම කැමරාවෙන් එයා දිහාම බලා ගෙන හිටපු මාව එකපාරටම හිරි වැටිලා ගිය විදිහ අදටත් මතකයි...

'ක්ලික්....!!'

මගේ දිහාට යොමු වෙලා තිබ්බ ඒ ඇස් දෙකේ තිබ්බ බැල්ම මට කැමරාව අතරින් වුනත් ඇඟ විනිවිද යන්න දැනුනේ අමුතු හිරියක් මගේ බඩේ ඇති කරන ගමන්... කැමරාවෙන් ඇහැ ගත්ත මම දිගටම අපි දෙන්නාගේ බැල්ම තියාගෙන ගියේ කොයි මොහොතේ හරි එයා අතුරුදහන් වෙයි කියලා බයෙන් වගේ....

ඒත් එක්කම....

දඩාස්!!!!!

" ආහ්හ්හ්ග්ව්ව්ව්...!! "

මගේ දිහාම බලාගෙන හිටිය ඇස් දෙකක අතරමං වෙලා හිටිය මාව ගැස්සිලා ගියේ ඔලුවේ පැත්තකට දරැණුවට වැදුනු පාරක් එක්ක... ඒක කොච්චර හයියෙන් වැදුනද කිව්වොත් මම හිතන්නේ මගේ වම් මොලේ දකුණට පැත්ත මාරැ කලා... හොඳවෙලාවට හැමදේම බොඳ වෙලා යන්න කලින් කැමරාව බදා ගන්න තරම් මට සිහියක් තිබ්බා...

ආපහු ඇස් අරිද්දී මම දැක්කේ මම දිහා සැලකිල්ලෙන් බලන් ඉන්න රුසිරු අයියාවයි... ඔව්... මෙතනින් තමා මේ මිනිහා අවුරැදු ගාණක් මගේ පස්සේ වැටෙන්න පටන් ගත්තේ...

" ශෙනන් ඔයාට තුවාලද...? "

එයා මගේ නම දන්නේ කෙහොමද කියලා අහන්න ඕනේ වුණත්, බෝලේ ඔලුවට වැදුන පාරට මට රැසිරැගේ නිවුනෙකුත් පෙන්න ගත්ත නිසා කටවහ ගත්තා...

ගියේ තප්පර ගානක් වගේ වුනාට පිට්ටනියේ හිටිය හැම ලමයෙක්ම අපේ වටේ එකතු කරන්න එයාගේ ප්‍රසිද්ධයට හැකි වෙලා තිබ්බා..මම වට පිට බැලුවේ කලින් දැක්ක බැල්ම ආපහු හොයා ගන්නයි..ඒත් වෙනදා වගේම ඒක මේ පාරත් අතුරුදහන් වෙලා තිබ්බා.

HUNTING PAST ✓Where stories live. Discover now