ඇඳ උඩ ඉඳන් තාත්තාගෙ ලියුම කියවලා ඉවර කරපු මම බිත්තිය දිහා බලන් කල්පනා කලේ ඇත්තටම දෛවය කියන එක මොන තරම් දරැනු වෙන්න පුලුවන්ද කියලා හිතන ගමන්..
දඩස්...
ලියුමත් අතේ තියන් කල්පනා කර කර හිටිය මම ගැස්සිලා ගියේ සද්දෙට ඇරැනු දොරෙන් අැතුලට ආව නෙතිල් අයියා දැකලා.
ඊයේ රෑ ගියපු කෙනා නෙමේ අද ඉන්නේ..කොන්ඩෙම අවුල් වෙලා දාඩිය පෙරාගෙන හති දදා හිටිය නෙතිල් අයියා දොරත් අල්ලන් වේගෙන් හුස්ම ගන්න ගමන් මම දිහා බලන් හිටියා..
එයා ලගට යන්න හිතුනත් මොකක්දෝ හේතුවකට මම එතනම ඉඳගෙන බලන් හිටියේ නෙතිල් අයියා මම දිහා බය වෙලා බලන් ඉන්න කොට..
"ශෙනන්..!'
අඩියට දෙකට ලගට ආපු එයා මාව සුපුරැදු විදිහටම එයාගේ අත් අතරට මාව ඇදලා ගත්තම මම නිහඬව එයාගේ පපුවට මූන තද කරන් හිටියේ අතේ තිබ්බ ලියුම මගේ අල්ලට පොඩි වෙලා යද්දී..
එයාගේ ඇඟ දාඩියෙන් තෙත් වෙලා තිබ්බත් එයාගේ ඒ සුවඳට මගේ හිතේ බර ටික ටික නිදහස් වෙද්දී මම ඇස් පියා ගත්තේ එයා හෙමිට මගේ ඔලුව අතගානකොට..
එයත් මුකුත් කිව්වේ නැ..බලන් ගියාම එයා මට වඩා දේවල් දන්නවා..එයා දේවල් කලින්ම ගෙස් කරලා ඒවට අනුව තමා වැඩ කරලා තියෙන්නේ කියලා එයාගේ තේරැමක් නැති වැඩ පිලිවෙල මතක් වෙද්දී මට දැන් තේරැනා..
ඒ නිසාමද කොහෙද එයත් කිසි දෙයක් නොකියා මගේ හිස්මුදුනට උඩින් එයාගේ නිකට තියාගෙන මගේ ඇඟිලි වලට පොඩි වෙලා තිබ්බ ලියුම අරන් කියවන්න ගත්තේ මම තවත් එයාගේ පපුවට ගුලි වෙද්දි..
සැරින් සැරේ එයාගේ පිට වෙන සුසුම්,පපුවට තද වෙලා තිබ්බ මගේ කම්මුලට දැනුන එයාගේ හදවතේ වේගෙ වෙනස් වෙන විදිහෙන් මට තේරැනා එයා ලියුම කියවනවා කියලා..
"පොඩ්ඩෝ..."
අන්තිමේදි එයා යන්තමින් වචනයක් පිට කරගත්තේ එයා ලියුම පැත්තකට දාලා මාව ආපිට ඇඟට තද කරගත්තමයි..
ගොඩ වෙලාවක් යනකම් අපි දෙන්නම කතා කලේ නැ..එයා දිගටම මගේ පිට අතගාද්දී සැරින් සැරේ එයාගේ මුවින් බර සුසුම් පිට වුනාම මම ලොකු කල්පනවක පැටලිලා ගියා..
YOU ARE READING
HUNTING PAST ✓
Non-Fiction❝ ඇයි ඔයා අඬන්නේ ?..... ඔයාට අඩන්න බැරි නිසා...... ❞ ⚠️ Trigger warning: This story contains content that may be distressing to some readers, including themes of sexual assault, drug use, and various mental health issues. Please proceed with cautio...