chapter 19

2.1K 323 52
                                    

"උඹේ අයියා මට කැමතියි කිව්වා !"

"මොකක්-හික් !"

කෙනෝ කිව්ව එකට එකපාරට හුස්ම ඇද්ද පාරට ඉක්කා වැටුනු මෙතුල් එයා දිහා බලද්දී ශෙනන් ඇස් වලින් ලේසර් පිට කරන් කෙනෝ දිහා බැලුවේ ⁣බෝගම්බර කූරැ දෙක තුන පේන අතරේ..

"එයා කැමතියි ලු..ඉතිම් මාත් කැමතියි ඔන්න !"

කෙනෝ ශෙනන්ව තවත් ලං කරගන්න ගමන් කිව්වේ ඇස් වලින් එයාව මෙතුල්ට පෙන්නන අතරේ..

"අඩෝ..*හික්*..සිරා *හික්* ද ? "

මෙතුල් ඉක්කා ගගහා කියද්දී ශෙනන් හිටියේ කෙනෝගේ පරම්පරාවෙන් බාගයක් හිතින් සමූල ඝාතනය කරන ගමන්..

"තමුසෙට පිස්සුද ඕයි ! එයා කැමති වෙන කෙනෙක්ට !"

"මොකක්-*හික්*???"

කෙනෝගේ අතත් ගසලා දාන ගමන් කේන්තියෙන් දත් මිටි කාගෙන ශෙනන් කිව්වම මෙතුල් පපුවේ අතක් තියාගෙන එහෙම්ම බිම ඉඳ ගත්තා..

ශෙනන් දිහා හොඳට බලන් හිටිය කෙනෝ එකපාරට ඇඳේ පෙරලි පෙරලි හිනා වෙන්න ගත්තේ අනිත් දෙන්නම මුකුත් හිතා ගන්න බැරැව එයා දිහා බලන් ඉන්න අතරේ..

"කෙනෝ *හික්* මම සිරාවට අහන්නේ *හික්*..අපේ එකා *හික්* මගුල *හික්* මට වතුර ටිකක් දියම් *හික්*..."

මෙතුල් පපුවත් අල්ලන් මේසේ ලඟට බඩගාද්දී ශෙනන් කන්න වගේ කෙනෝ දිහා බලන් හිටියා..

"ඒක ඇත්තද ?"

එයා ඇහුවම කෙනෝ කට කොනකින් හිනාවක් දාලා අත් දෙක ඇඳට තියලා පිටිපස්සට බර වුනා..

"ඔව් ඇයි "

ශෙනන්ට තේරැනේ එයාගේ ඉවසීම අන්තිම කට්ටේ ඉන්නවා කියලයි.

"කවද්ද... ඇහුවේ ?"

එයා දත් ටික බර බර ගාලා කන ගමන් ඇහුවම කෙනෝ නැගිටලා එයාගේ ලඟට ඇවිත් ආපහු කරට අතක් දැම්මා..

"අද ! "

"What the f-- මොකක්ද ඕයි උඹ කියන්නේ ? එයා අද වෙන කෙනෙක්ට කැමතියි කිව්වා..එයා ගොඩ කාලෙක ඉඳන් ඒ කෙනාට ලව් කරන්නේ....එහෙම වෙද්දී උඹට කැමතියි කියන්නේ කොහොමද ආ !?"

HUNTING PAST ✓Where stories live. Discover now