chapter 50

1.5K 273 32
                                    

Warning : [ R@pe, Violence ]

පුස්තකාලයේ අස්සක නිදන් හිටිය මම ගැස්සිලා ඇහැරැනේ ඉස්කොලේ ඉවර කරන බෙල් එක ගහන සද්දෙටයි..

දෙවියනේ..මම මුලු දවසක්ම නිදා ගෙන..අපේ ඉස්කොලේ නීති තදින් බලපාන්නේ නැති කමට පිංසිද්ද වෙන්න ගෙදර මම මොන අඩව්වක් ඇල්ලුවත් බඩ ගගා හරි මම ඉස්කොලේට එන්නේ මෙහෙ පාර මැද්දේ නිදන් හිටියත් කවුරැත් බලන්නේ නැති නිසා..

කටේ පැත්තකින් බේරැනු කෙල පාරත් පීදගෙන මම ඉක්මනින් පුස්තකාලයේන් එලියට දිව්වේ ස්කූල් වෑන් එක අල්ලගන්න වුනත් දවසම කාපු නැති නිසාද කොහෙද එකපාරට ඇස් නිලංකාර වෙලා ගියාම මම බිත්තියක් අල්ලන් නතර වුනා..
මාව පැත්තකට ඇල වුනත් කාගේ හරි දෑතකට මැදි වෙලා මාව ⁣වැටෙන එක නතර වුනාම ඒ කෙනාට මම අවසිහියෙන් වුනත් මාව ඇදන් යන්න ඉඩ දුන්නා..

"කොලීන්...ඔයා අද ඉස්කොලේ ආවද ? ඔයා කොහෙද හිටියේ ?"

දවස් ගානකින් ඇහුනේ නැති ඒ කටහඬ මට ඇහුනම කවදාවත් නැතුව මට සතුටක් දැනුනා..ඊයේ වුන දේවල් එක්ක ලොකු පීඩනේකින් හිටිය මට විදුරට හැමදේම කියලා හිත නිදහස් කරගන්න ඕනේ වුනත් ඇඟට දැනුනු අප්‍රාණික කම ඒකට ඉඩ දුන්නේ නෑ..

"කොලී---"

එයා මොකක් හරි කියන්න ගිහිල්ලත් අතරමැද නතර වුනාම මොකක්ද වුනේ කියලා බලන්න අමරැවෙන් වුනත් ඇස් ඇරිය මම දැක්කේ මගේ බෙල්ලේ තිබ්බ සලකුනු නිසා බෙල්ලටම දාලා තිබ්බ ශර්ට් එකේ බොත්තම ගලවපු විදුර ගල් වෙලා බලන් ඉන්න විදිහයි..

මම ඉක්මනට බෙල්ල වහගත්තත් මගේ කන හරහා වැදුන පාරකින් මාව විසික් වෙලා ගිහින් බිත්තියේ වැදුනේ මට මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරි වෙද්දි..

"ප# බ## ! උඹ මාව reject කරේ තව එකෙක් එක්ක හැමි### නිසාද ? "

විදුර යටිගිරියෙන් බෙරිහන් දුන්නම ගැස්සිලා ගිය මම එයා මාව වරදවා තේරැම් ගත්තා කියලා තේරැනත් මුකුත් කියාගන්න බැරි තරමට ගොලු වුනේ විදුර මේ තරම් කේන්ති ගිහින් ඉන්නවා මම කවදාවත් දැකලා නැති නිසයි..

"කියපන් වේ# බ##..තෝ ඔය අහිංසක මූන තියාගෙන අනික් පිරිමි එක්ක හැ### නේද ? අරැන් කිව්වා හරි..උඹ මාවත් ඒ ගානට ගන්න නේද හැදුවේ?!"

HUNTING PAST ✓Where stories live. Discover now