chapter 73

1.5K 256 61
                                    

"දෙ..දෙයියනේ...."

දැක්ක දෙයින් මුලු ඇඟම හිරිවැටිලා යනකොට මගේ මුලු ඔලුවම හිස් වුනේ වෙලා තියෙන අපරාදය දැකලා..

"පේනවා නේද...උන් කොච්චර දුර්වලද කියලා..."

මගේ ඇස් ඉස්සරහ හිටියේ එක එක වයස් වල ලමයි දහදෙනෙක්..හැමෝගෙම කොන්ඩේ මුඩු කරලා තිබ්බ ඒ අයගේ ඇඟේ එක නූල් පොටක් නොතිබෙද්දී එක්කෙනාට එක්කෙනා බෙල්ලෙන් වැලක් වගේ ගැටගහලා තිබ්බ ඒ අය කාමරේ මුල්ලක ගුලි ගැහිලා හිටියා..

චූටිම කෙනාගේ ඉඳන් වැඩිමහල් කෙනා වෙනකම් මුලු ඇඟම තුවාල කැලැල් වලින් වැහිලා තිබ්බේ හැමෝගෙම කටවල් තදට ගැටගහලා තියෙන නිසා තුවාල වේදනාවට කෙඳිරියක්වත් පිට කරගන්න බැරි වෙන්න..

සමහරැන්ගේ කකුල් අතරින් ලේ ගලද්දී මට තේරැනා අර මෙට්ටේ තිබ්බ ලේ පැල්ලම් කාට අයිතිද කියලා..මගේ අතේ ඉන්න ලමයා ඒ අයට වඩා හොඳ තත්වෙට ඉන්න කොට මට තේරැනා මම එයාට මේ වගේ දෙයක් වෙන්න කලින් එයාව බේරගන්න පුලුවන් වුනා කියලා..

ඒත් දෙයියනේ මේ අනික් ලමයි...මේ අසරණ ලමයි මොනා කරාටද මේ වගේ තිරිසන් වැඩක් කලේ ?

ඉපදුන දවසේ ඉඳන් ගොඩක් දරැනු දේවල් දැකලා තිබ්බත් මේ ලමයි ටිකට වද දීලා තියෙන තරම් අමානුෂික දෙයක් මම දැකලා නැති වෙද්දී මගේ හදවත වේදනාවෙන් කීරි ගැහිලා ගියා..

සිහියෙන් හිටිය අයගේ ඇස් බයෙන් අපි දිහාට යොමු වුනාම එතන හිටිය වැඩිමල් කෙනාගේ බැල්ම සහනයකට වගේ මෘදු වුනේ මගේ අත් අතර හිටිය ලමයා දැකලා..

"උන් දුර්වලයි ශෙනන්..උඹේ තාත්තා වගේ..උන්ගේ හයියක් නෑ..උන් මැරෙන්න ඕනා.."

මගේ කනට නොනවත්වා රොනල් මොනවාදෝ කෙඳිරැවත් ඒ කිසි දෙයක් මගේ ඔලුවට ගියේ නෑ..මම ගැහෙන හදවතින් බලන් හිටියේ මගේ ඇස් ඉස්සරහ හිටිය අසරණයෝ ටික දිහා..

"දන්නවද..උන්ට කවුරැත් නෑ..උන් අනාථයෝ..උන්ගේ අම්මලා උන් ගැන බලන්නේ නැ..හරියට උඹ වගේ..උඹේ අම්මත් උඹ ගැන බැලුවේ නෑ..උඹ අම්මා උඹව බඩේදිම ප්‍රතික්ෂේප කලා..උඹේ තාත්තා උඹට වෛර කරනවා ඔයා නිසා එයාගේ ජීවිතේ විනාස වුන එකට..උඹ නිසයි ශෙනන්..උඹ නිසයි...."

HUNTING PAST ✓Where stories live. Discover now