ගෙදර එනකොට රෑ 11.30 විතර වෙලා. වෙනදට ඉතින් 12.30 විතර වෙනවා. මගේ බයික් කෙල්ලවත් ගෙට අරන්. වොෂ් එකක් දාගෙන මම ඇඳට වැටුනේ අද වෙච්ච දේවල් එකින් එක මතක් කරන ගමන්...************************************
එයාගේ යෝජනාව මහ අමුතු එකක්. මාස 6 කට මට එයාගේ Fake boyfriend වෙන්නලු. ඒ වෙනුවෙන් ලොකු ගානක් ගෙවනවා කියලත් කිව්වා. එයාට ඉක්මනට මගේ අදහස දැන ගන්නත් ඕන කිව්වනේ. එයා මගේ අතට දීපු කාඩ් එක එහෙ මෙහෙ හරවන ගමන් මම කල්පනා කරන්න ගත්තා. නම Xiao Zhan. Contact number එක ලියලා තියෙනවා. ඊට එහා වැඩි දෙයක් ඒ කාඩ් එකේ නෑ. ඉතින් මං මොකද කරන්නේ? ඒ යෝජනාවට කැමති වෙනවද නැද්ද? මං මොකද කරන්නේ? මේ වැඩේට එයා මට දෙනවා කියපු ගාන, දෙයියනේ අවුරුදු පහක් මං රෑ දවල් වැඩ කරලත් අඩුම ගානේ එකෙන් බාගයක් වත් මට දැන් කරන රස්සාවෙන් හොයන්න බෑ. ඉතින් එයාගේ යෝජනාවට කැමති වුනොත් මට ලොකු ගානක් අතට එනවා වගේම මගේ ටාගට් වලට යන්නත් ඒක ලොකු හයියක්. මට මේ වෙලාවේ ගොඩක්ම උවමනාවත් සල්ලි.මෙහෙම හිටියට මං තාම අවුරුදු 21ක පොඩි කොල්ලෙක්. සමහර විට ඔයාලා කියයි අවුරුදු 21 කියන්නේ පොඩි වයසක් නෙමෙයි කියලා. ඔව් වෙන්න පුළුවන්. මං යුනිවර්සිටි යන, ගෙදර වගකීමත් ඒ එක්කම දරන දුප්පත් කොල්ලෙක්. අම්මයි, නංගියි මගේ මුළු ලෝකෙම වෙද්දි තාත්තා අපිව දාලා මේ ලෝකෙන් සදහටම ඇස් දෙක පියා ගත්තේ මට යන්තන් අවුරුදු 19 වෙද්දි. ඉතින් එතනින් එහාට අපිව ජීවත් කරවන්න අම්මා නොවිදිනා දුක් වින්දා. එයා දුක් විඳිනවා බලන් ඉන්න බැරි කමට මම එක එක රස්සා කරන්න ගියත් අම්මා මට යුනිවර්සිටි යන එක ඒ දෙන්නා නිසා නතර කරන්න ඉඩ දුන්නේ නෑ. අම්මා කිව්වෙම මහන්සි වෙලා ඉගෙනගෙන පස්සේ පව්ලම ගොඩ දාපන් පුතේ කියලා. දැනට මං යුනි එකේ දෙවෙනි අවුරුද්දේ. මගේ වියදම පියව ගන්න මං පාට් ටයිම් ජොබ් කරලා ගානක් අතට ගන්නවා. එකෙන් ඉතුරු කර ගන්න කොටසක් කොහොම හරි මං අම්මලට යවනවා. ඉතින් මගේ අතට ටිකක් වැඩිපුර සල්ලි ලැබුනොත් මට පුළුවන් ඒ දෙන්නට මීට වඩා හොඳට සලකන්න. අම්මට පුළුවන් කුලී වැඩ නොකර නංගිටත් හොඳට උගන්නන් සැප පහසු ජීවිතයක් ගත කරන්න. ඉතින් මේක මට ලැබුන ලොකු චාන්ස් එකක්. ඉතින් ඒකට පයින් ගහනවද නැද්ද කියන තීරණේ තියෙන්නෙත් මගේ අතේ. තව පැය කීපයක් ඉතුරුයි මට තීරණයක් ගන්න.
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...