Chapter 38✨

398 64 29
                                    

මට එයාට කතා කරන්න ඕන උනත් එයා මට කලින් ඉස්සර උනා...

යීබෝ, ඉක්මනට ලෑස්ති වෙන්න...ගමනක් යන්න තියෙනවා...

gege... අපි කොහෙද...

මාව යකා කරගන්නෙ නැතුව, ඉක්මනට ගිහින් ලෑස්ති වෙයන් මැණික...

එයා උපරිම ඉවසීමෙන් මට කිව්වත් එයා කෑ ගහපු විදියට මට බය හිතුනා...ඒත් මම ඉක්මනට ලෑස්ති වෙන්න ගියේ, තවත් එයාව කේන්ති ගස්සන්න බැරි නිසා....

********************************

මම ඉක්මනට තිබුන ඇඳුමක් ඇඳගෙන ආවෙ මම පරක්කු වෙන තරමට එයාගෙ කේන්තිය තවත් වැඩි වෙන බව දන්න නිසා...

යීබෝ ඔයා ලෑස්තිද?

ඔව්...

ම්ම්ම්, එහෙනම් මේ මාස්ක් එක දා ගන්න..මේ හූඩි එකත් ඇඳ ගන්න..

එයා ඒ ටික මට දීලා ඉක්මනට කාමරේට ගියා..මමත් ඒටික එයා කිව්ව විදියටම ඇඳගෙන එයා එනකන් බලාගෙන හිටියා. වින්න්ඩි පහක් යන්න වුනේ නෑ එයත් මට දීපු වර්ගෙම කලු හූඩියක් ඇඳලා කලු මාස්ක් එකක් දාලා හිටියා..දැන් අපි දෙන්නා හරියට නිකන් හොරු දෙන්නෙක් වගේ..අපි ඇත්තටම හොර වැඩකටද මේ යන්නෙ? ඒත් අනේ මේ මහ දවාලේ? ඕන එකක් එයා කියන එකක් මම කරන්න් එපැයි...

කලු හූඩිය ඇඳලා මාස්ක් එක දාලා හිටියත් එයා හැඩයි...මම මගේ ඉස්සරහට එන එයා දිහා බලා ගෙන කල්පනා කලේ ඉතින් දැන් එයා මගේ නේ කියලා..එක අතකට මේ වගේ ලස්සන හබියෙක් ලබන්නත් මාර වාසනාවක් තියෙන්න ඕන...මම ඉතින් එයා දිහා බලාගෙන ඉන්නකොට එයා මගේ ඉස්සරහින් ඇවිත් නතර උනා..

යිබෝ, එන්න යමු පරක්කු වෙනවා...

gege, අපි කොහෙද මේ යන්නෙ?

ප්‍රශ්න අහන්නෙ නැතුව එන්න පපී..මාව කේන්ති ගස්සන්න එපා...

හ්ම්...

මමත් ඉතින් එයා එක්ක තවත් කතා කරලා පලක් නෑ කියලා තේරුන නිසා ඉක්මනට එයා පස්සෙන් ගියා...ඔන්න මම ආයෙත් පොඩි වෙනසකට වගේ මේ කාමරෙන් එලියට අඩිය තියන්නයි ලෑස්ති වෙන්නෙ. දොර ඇරුනා විතරයි, ඊට ටිකක් ඉස්සරහට වෙන්න තිබුනේ ලිෆ්ට් එකක්...එයා ලිෆ්ට් එකට නැග්ග නිසා මමත් එයා එක්කම ගියා...අන්තිමට ලිෆ්ට් එක ඇවිත් නැවතුනේ පල්ලෙහාම තට්ටුවේ.

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now