Chapter 30✨

487 73 36
                                    

සිද්ද වෙන දේ තේරුම් ගන්න බැරුව කලබල වුන ජේ...මාව අතෑරලා එතනින් පැනලා යන්න හැදුවත් එතනට ආපු කළු ඇඳ ගත්තු මිනිස්සු වගයකට එයා කොටු වුනා. කෙහෙල් කඳන් බිම දානවා වගේ මිනිස්සු බිමට කඩන් වැටෙද්දි හැම පැතිතෙන්ම වෙඩි හඬවල් ඇහෙන්න ගත්තේ මම මගේ හොඳ සිහියෙන් ටිකෙන් ටික ඈත් වෙද්දි...

************************************

ඊට පස්සෙ මට මතක මම මේ මාලිගාවෙ ඇඳ උඩ ඇස් ඇරපු තැන ඉඳලා දේවල් විතරයි..එයා මට තර්ජනය කරලා ගියාට පස්සෙ ආයෙත් සැරින් සැරේට කලු ලෝගුවෝ ඇවිත් මට කෑම වතුර, බෙහෙත් දීලා ගියත් එයා නම් ආයෙ ආවෙ නෑ මේ පැත්ත පලාතෙ. මට තේරෙන්නෙ නෑ ඇයි Lucifer ට මාව ඕන කියලා... එයා කියන විදියට ඉඳියොත්  පුලුවන් තරං කාලයක් මට යහතින් ඉන්න පුලුවන් වෙයි කියලා එන හැම කලු ලෝගු කාරයම වගේ මට උපදෙස් දුන්නා... 

බෙහෙත් බීලා හිටපු නිසා දැන් මගේ උණ ගතිය දවසක් දෙකක් යන්කොට බැහලා ගියත් ඇඟේ තුවාල හොඳ වෙන්න නම් තව කාලයක් යයි කියලයි මට හිතෙන්නෙ. දවස් කීපයකට සැරයක් අර හොඳ දොස්තර මහත්තයා ඇවිත් මාව බලලා, බෙහෙත් මාරු කරලා ගියත් මට එයත් එක්ක නිදහසේ කතා කරන්නවත් විදියක් නැත්තෙ අර කලු ලෝගුවෝ හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉන්න නිසා. උන් එක්ක මුකුත් කරන්න බෑ. නැත්නම් මට මේ ඩොකාගෙන් මොනවා හරිම දැන ගන්න තිබුනා. පේන විදියට මේ දොස්තර නම් අර කලු කුමාරයට වැඩිය බය නෑ වගේ. එදත් අර අනිත් අය වගේ මෙයා එයාට ඔලුව නමලා ගියේ නෑනේ...

මට මතක විදියට හරියටම සතියක්, මම මෙහෙට ඇවිත් හරියටම සතියක් වගේ වෙනවා. දැන් නම් මගේ තුවාල ගොඩක් දුරට හොඳ වෙලා තියෙන්නෙ. මේ සතියෙම මම මේ කාමරේ ඇතුලේ. ටිකක් මේ කාමරෙන් එලියට යන්න ඉල්ලපු වෙලාවෙ ලෝගුවෙක් කිව්වෙ කලු කුමාරයා ඒකට කොහෙත්ම ඉඩ දෙන්නෙ නෑ කියලා. 

මේක මහ කරදරක් උනා මට. ඇයි යකෝ, මොන සතෙක්ටවත් ඉන්න පුලුවන්ද සතියක් මේ එකම කූඩුවේ ලැගලා. මට නම් එපා වෙලා දැන් මේකට කොටු වෙලා ඉඳලා. ඒත් මම කියලා මොනවා කරන්නද? එයාලා කියන විදියට හිටියේ නැත්නම් මට මගේ ජීවිතේ විතරක් නෙවෙයි මගේ අම්මගෙයි නංගිගෙයි ජීවිත වලටත් වග කියන්න වෙනවා. මොකද මම මුල දවස් ටිකේ කෑගැහුවා මට මෙතනින් යන්න දෙන්න කියලා. අන්තිමට මගේ වදේ ඉවසන්නම බැරි තැනද මන්දා එයාල මට තර්ජනය කරා...ඒ තර්ජනෙත් එක්ක මගේ කට සම්පූර්නයෙන්ම වැහිලා ගියේ මාව  තනිකරම අසරණ කරලා.

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now