මොකද වෙලා තියෙන්නෙ? මගේ බෙල්ල නෙවෙයි, කොණ්ඩෙයි වේලන්න කිව්වේ...
එයා නෝණ්ඩියට වගේ කිව්ව එක ඇහිලා මගේ ඇස් ගියේ මගේ අත් දිහාවට...සිරාවටම මම ඩ්‍රයර් එක අල්ලන් ඉඳලා තියෙන්නෙ එයාගේ බෙල්ලට වෙනකොට මම ඉක්මනටම ආයෙත් පාඩුවේ කොණ්ඩේ වේලන්න ගත්තා...
තොට අද මොකක් වෙලාද පීට්..මූ ඉස්සරහා අද තමුසේ නටන තරමක් පිස්සුනේ නටන්නේ? හුම්..මම කියලා ඉතින් මොනවා කරන්නද? මේ හිත මං කියන කිසි දෙයක් අහන්නෙ නෑනේ...මම හරි අසරණයි අයියෝ....මම මටම බැනගෙන අන්තිමට නිකන් හිටියා...
*********************************
It's enough...
Ah....ok sir...
කොණ්ඩේ වේලලා ඉවර වෙලා මම පැත්තකට වෙලා බලන් හිටියේ ඊළඟට මේ මිනිහා මොන මගුලක් කරන්න කියාවිද කියලා....ජංගියේ ඉඳලම වේලලා මැදලා ඇඳ උඩ අතුරලා තියෙන්නේ...දැන් ඉතින් ඇඳ ගන්න විතරයි මේ යකාට තියෙන්නේ...මූ ඒකත් මටම කියලා අන්ද ගන්නද දන්නේ නෑ බලාගෙන ඉන්නේ...සිකනලා....හැටි විතරක්...
පීට්....
ඇයි සර්?
තමුසේ දැන් යනවා...හැබැයි හෙට හවසට තමුන් මම කියන තැනට එන්න ඕන...නැත්නම් හෙට තමුන්ගේ රස්සාවේ අවසාන දවස වෙයි....
මොකක්?
ඇයි? මොකක් හරි ප්‍රශ්නයක්ද පීට්?
න්...නෑ...හරි මම එන්නම්....
ම්ම්ම්....තමුසෙගේ පෝන් එක මෙහාට දෙනවා....
ඒත් ඇයි සර්?
කිව්වම අහලා දෙනවා අයිසේ, දස අතේ ප්‍රශ්න අහන්නෙ නැතුව....
ආ....මේ...ඒක...
ඇයි...දැන් ඒක තමුන් ගාව නෑ කියලද කියන්නෙ ම්ම්ම්?
ඔව් සර්...වැඩ කරන වෙලාවට පෝන් එක ළඟ තියාගන්න අපිට බෑ...ඒක මෙහේ නීතියක්...
ඒකත් එහෙමද? හරි එහෙනම්, මගේ පෝන් එකෙන් ගන්නවා තමුන්ගේ එකට කෝල් එකක්....
පෝන් එක දැන් මගේ ගාව නෑ කිව්වා විතරයි, ඒපාර මෙන්න ඒකගේ පෝන් එක මට දික් කරනවා ඒකෙන් මගේ පෝන් එකට කෝල එකක් ගන්න කියලා...මේ මොන මල විකාදයක්ද මේ? මූට වතුරේ ඉඳලා වැඩි වෙලා හීතලට මොලේ අවුල් වෙලාද කොහෙද....මාරම පිස්සු පූසෙක් තමයි මෙයා...පෝන් එකත් දික් කරගෙන ඉන්න හැටි විතරක්...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...