Xuan කීප වතාවක්ම මාව බලන්න ඇවිත් මට කතා කලා....ඌත් උත්සාහ කලේ මගේ නැති උන මතකේ ආයෙමත් ගන්න...හැබැයි ඒ උත්සාහය අනිත් එයගේ උත්සාහයන්ට වඩා ගොඩක් වෙනස් කියලා මට තේරුනා....මොකද Xuan කියන්නෙ මගේ හොඳම යාලුවා...මගේ ඕන දේකට මගේ ළඟින්ම හිටපු එකා...ඒත් මේ වෙන දේවල් එක්ක මට ඌව උනත් එකපාර විශ්වාස කරන්න බැරි උනා...ඒත් දවසක් ඌ මාව බලෙන්ම වගේ මම ඉඳපු කාමරෙන් රහසින්ම මහ රෑ මාව අරන් අපේ එක Secret place එකකට එක්කගෙන ආවේ මට ලොකු කතාවක් කියන්න තියෙනවා කියලා....
ඒ වෙනකනුත් මම ඌත් එක්ක වචනයක් වත් කතා නොකලත් ඌ අදත් එදා වගේම තාමත් මගේ පැත්තට ඉන්නවා කියන්න ඌ එදා කිව්ව කතාවත් එක්ක මට තේරුම් ගියා...
**********************
Zhan, දැන් ඔය රඟපෑවා ඇති යකෝ....කතා කරපන්...Zhan කතා කරපන්....මං උඹේ යාළුවා Xuan...උඹට...උඹට මාව...මාව මතක නැද්ද බං...මේ මාව...මේ Xuan ව මතක නැද්ද? ආ...
කියපන් කතා කරපන්... පොඩි කාලේ ඉඳන් මම උඹේ යාළුවා...එහෙව් එකේ උඹට මේ Xuan ව මතක නැද්ද හුත්තෝ...
මාව අපේ Secret place වලින් එකකට එක්කගෙන ආපු Xuan මාත් ඇදගෙන ඇතුලට ඇවිත් නැවතුනේ අපි මෙහේ ආවාම වැඩිපුර ඉන්න තැනට...පොඩි මේසයක් එක්ක පුටුවක්, තව පොඩි සෝෆා එකක් එක්ක කාමරේ බිත්ති දෙකක් වැහෙන්නම පොත් පුරවපු රාක්ක තියෙන මේ කාමරේ තමයි අපි කරපු ගොඩක් වැඩ ප්ලෑන් කලේ...
එතකොට උඹට මෙතන මතක නැද්ද? මතක් කරපන්, අපි එකට ප්ලෑන් කරලා වැඩ කරපු, එකට දුක සතුට බෙදා ගත්ත මෙතන මතක නැද්ද කියපන්... කතා කරපන් Sean Xiao Zhan....
ඉතින් ඌ අහන එක හරි, මට ඇත්තටම මතකේ නැති වෙලා නැත්නම් මෙතන අමතක වෙන්න විදිහක් නෑ...
මට තවත් බොරු කරන්න එපා යකෝ... මෙච්චර කියලත් උඹට මාව විශ්වාස නැද්ද Zhan....
My lord don't you believe your right hand...
අන්තිම ටික කියාගෙන යද්දී කොල්ලා මගේ ඉස්සරහා දණ ගහගෙන අඬන්න පටන් ගත්තා...මට තවත් ඉවසන්න බෑ...මේ මගේ යාළුවා...මම දන්නවා පහුගිය ටිකේ වෙච්ච කෙරිච්ච දේවල් එක්ක මම කාවවත් විශ්වාස කලේ නෑ... ඒත් මට Xuan දිහා බැලුවම කියන්න පුළුවන් කොල්ලා කරන්නේ බොරුවක් කියලා...
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...