අද ඉතින් ටිකක් නිවී සැනසිල්ලේ පොඩි නින්දක් දාන්න පුළුවන්. හෙට weekend එක නිසා අර අලුත් job එකට මට හෙට ඉඳන් ම එන්න කියලා එයා මට කිව්වා. ඒකට යන්න ඇඳුමකුත් මැදලා තියලා මං අද වේලාසනින් නිදා ගන්න ගියේ හෙට ගැන හීන මව මව..************************************
ඊයේ කියපු විදියට නම් මෙතන තමයි තැන. ගිහින් බලනව කවුද ඉන්නෙ කියලා. තට්ටු බර ගානක building එකට මම ඇතුලු උනෙ ටිකක් විතර බයෙන් බයෙන්. Reception එකේ ඉන්න අක්කලා දෙන්නගෙන්වත් අහල බලනවා මේ මනුස්සයා කොහෙද ඉන්නෙ කියලා.එන්න කියල කිව්වට ඉතින් මේක අතුලෙ මම කොහෙ කියලා හොයන්නඩ ඉතින්.
Excuse me, මට දැනගන්න පුලුවන්ද Mr. Xiao ඉන්නෙ කොහෙද කියලා?
කෙල්ලො දෙන්නා මගෙ දිහා පොඩ්ඩක් විතර අමුතුවට බලලා පස්සෙ හිනා වෙලා උත්තර දුන්නා .
මේ Mr. Wang ද?
ඔව්
හරි , එහෙනම් ඔයා කෙලින්ම තුන්වෙනි තට්ටුවට යන්න. සර් බලා ගෙන ඉන්නවා .
හරි,
Thank you.යකෝ මන් එන බව reception එකත් දන්නවද? හරි කමක් නෑ, ඒකත් හොදයි. දැන් මට කෙලින්ම ගිහින් එයාව හම්බවෙන්න විතරයිනේ තියෙන්නේ.
මිනිස්සු ඉක්මන් ගමනිනි ෆයිල් උස්සගෙන එහෙ මෙහෙ දුවනවා. මොක උනත් මෙතන වැඩ ගොඩක් පිලිවෙලයි වගේ. Lift එක තිබුනත් මම පඩිපෙල නැගලා තුන්වෙනි තට්ටුවට ගියා. දැන් ඉතින් හොය ගන්න එපැයි මෙයා ඉන්න කමරේ.
හරි ඔය තියෙන්නෙ board එක ගහලා. ගිහින් එකසරේ තට්ටු කරනවද? බෑත් වගේ අප්පා, මම නිකන් කවුද වගේ ඇති. කොන්ඩෙත් පොඩ්ඩක් හදලා, ඇදුමත් හදාගෙන මම දොරට තට්ටු කලා.
එන්න ඇතුලට.
ආයෙත් අර එදා ඇහුන ගාම්භීර කටහඩ. ඒ හඬ නම් පාලකයෙක් විදියට හරියටම ගැලපෙනවා. ඕනම කෙනෙක්ව පාලනය කරන්න හොඳ හැකියාවක් ඒකට තියෙනව කියලා මම තේරුම් ගත්තේ ඒ හඬ ඇහුන පලවෙනි දවසෙමයි.
දොර ඇරන් ඇතුලට යද්දි එය ඉන්නව ලොකු පුටුවෙ වාඩි වෙලා ලැප් එකට ඔලුව ඔබාගෙන. ඔෆිස් කිට් එකට එයා තවත් ලස්සනයි වගේ. මේ ඔෆිස් රූම් එකත් ගොඩක් පිලිවෙට තියන් ඉන්නවා වගේ. පිලිවෙල කියන්නෙ මාත් ගොඩාක් කැමති දෙයක්. වැඩි අඩුමකුඩුම නැති උනත් අවශ්‍ය දේවල් අඩුත් නැතුව තියෙන රූම් එක හතර වටින්ම වට වෙල තිබුනෙ වීදුරු බිත්ති වලින්.
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...