You are such a complex character Zhan. Really hard to understand.
මම කොට්ටෙත් තුරුල් කරගෙන උඩුබැලි අතට ඇඳේ හාන්සිවෙලා තනියම එයත් එක්ක කතා කරන්න පටන් ගත්තා. ටික ටික මගේ හිත ඒකෙන් සන්සුන් වුනාද කොහෙද මාත් නොදැනිම මට නින්ද ගිහින් තිබුනා.
************************************
හැමදාම වගේ පුරුදු විදියට මම එලාම් එකට උදේ නැගිට්ටා. අද ඉතින් සතියේ දවසක් නේ ,මට යුනි යන්න තියෙනවා. යුනි එකේ ඉන්නකොට දවස ඉවරයි.අද නම් දවසෙම ලෙක්චර්ස්. හවස් වෙනකොට හොඳ පන ගිහින් ඉවරයි. මම ලෙක්චර්ස් ඉවර වෙලා ගෙදර යන්න බයික් එකට නැගලා යුනි එකෙන් එලියට බයික් එක දැම්මා. අද ටිකක් ඉක්මනට ගෙදර ගිහින් නින්දක් දාන්න හිතාගෙන short cut එකට බයික් එක හැරෙව්වෙ ඒපාරෙන් ගියාම ඉක්මනට ගෙදර යන්න පුලුවන් නිසා. ටික දුරක් බයික් එක පැදන් යනකොට මගේ පස්සෙන් ආපු කළුපාට කාර් එකක් මාව පහු කරගෙන ඉස්සරහට ගියේ මගේ ඇඟටම කපාගෙන.
මොන හාල්පාරුවෙක්ද මන්දා, පාර උගේ කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නෙ. මේවගේ ඈයො පොලීසියකටවත් අහු වෙන්නෙ නැති හැටි.
මම ඒ කාර් කාරයට හිතින් දෙහි කප කප යනකොට ඔන්න බොලේ අර මගේ ඇඟටම අල්ලගෙන ගියපු කාර් එක පාර අයිනට වෙන්න නවත්තලා මට හෝන් එකක් ගැහුවා. මාත් බැලුවේ කවුද යකෝ ඇඟටම කාර් එක කපලා අන්තිමට ඉස්සරහින් නවත්තගෙන මට හෝන් කරන එකා කියලා. මොනා වුනත් ලැජ්ජවක් තියන එකෙක්ට ඔහොම කරන්න පුලුවන්ද මන් අහන්නෙ. වෙන එකෙක් නම් ආතල් එක අරගෙන පැත්තකට වෙලා ෂේප් එකේ මාරු වෙලා යනවා. ඒකට මේක මන් එනකන් වගේ කාර් එකත් නවත්තගෙන මට හෝන් ගහන්වා. මූ නම් යකාගෙ එකෙක්ද කොහෙද.
කාර් එක ගාවින් බයික් එක නතර කරපු මම පොඩ්ඩක් නැවිලා බැලුවේ කවුද මට මෙහෙම කොචෝක් කරපු එකා කියලා බලන්න. ඒත් කලු වීදුරු දාල තිබුන ඒ කාර් එකේ ඇතුලේ ඉන්න කෙනා බලාගන්න විදියක් මට නෑ. ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මම ෂටර් එකට ඇඟිල්ලෙන් පොඩි තට්ටුවක් දම්මා. ඔන්න එතකොට නම් ෂටර් එක ටික ටික පහත් වෙන්න ගත්තා. මම කට හදාගෙන හිටියේ මොක උනත් කරපු වැඩේ වැරදියි කියලා පොරට හොඳ දෙකක් අමතන්න. ඒත් කාර් එක ඇතුලේ හිටපු කෙනා දැකලා මගේ ඇස් දෙක ලොකු වෙලා කටත් බාගෙට ඇරෙන්න ඇති.
YOU ARE READING
I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)
FanfictionNo one can touch you except me. I am the sole owner of both your body and heart. You're my everything. I'll do anything for you.❤️ I knew exactly that. But I was afraid to let you feel it. I didn't want to bother you. That's it I did everything secr...