Chapter 6 ✨

809 121 24
                                    

දෙන්න හිතෙනවා උඩින් ගිහින් පුඩින් වෙන්න. එයාම බැනලා දැන් අහනවා මූන එල්ලන් ඉන්නෙ ඇයි කියලා. යකාගෙ කතාවක්නේ ඒක. ඒපාර හිනා වෙලා ඉන්නලු. අනේ මන්දා දැන් නම් මේකට කැමති උන එකත් අපරාදෙ කියලා හිතෙනවා. මල කරදරයක් උනා නෙ මේක. එයා කියන කියන විදියට මම ඉන්න ඕන. අඬන්න කිව්වොත් අඬන්න ඕන, හිනා වෙන්න කිව්වොත් හිනා වෙන්න ඕන. හරියට මම නිකන් රූකඩයක් වගේ වෙලානෙ. ඒත් ඉතින් මොනවා කරන්නද, මම දැන් කැමති වෙලා ඉවරයිනේ.

************************************

සන්ස්, කොහොමද ඉතින් දෙන්න කතා කර කර හිටියද? කොහෙද ඉතින් ඔයාට කතා කරන්නවත් මෙයාට වෙලා තියනවද දන්නෑ නේද සන්? මෙයා බැලුවොත් බිසීනේ.

අහ්, අපි ඉතින් හමදාම කතා කරනවා ආන්ටි. බිසී වුනාට Zhan ge මන් ගැන හොඳට හොයලා බලනවා.

Oh really? එහෙනම් ඔයා මෙයාව ටිකක් වෙනස් කරලා වගේ සන්. Good.

මම ඉතින්  කොහොමත් එහෙම තමයි. මමා ඉතින් මාව විස්වාස කරන්නෙ නෑනේ.

හරි හරි, දැන් කෑගැහුවා ඇතිනේ, යමු ඩිනර් ගන්න. මේ ළමයට බඩගිනිත් ඇති.

අපෝ එයාට විතරයිනේ බඩගිනි, අපිට නෑ.

සන්...

අම්මෝ මමා ,ඔච්චර කේන්ති ගන්න එපා ඔයා ඉක්මනට වයසට යයි.

මෙන්න මෙහේ එන්න ළමයෝ, මෙයා කියන විකාර ගනන් ගන්න එපා.

මෙයා නම් මහ පුදුම චරිතයක් තමයි. ලෝකෙටම පුප්ප පුප්ප හිටියට ගෙදරදි නම් අම්මා ගාව හුරතල් වෙනවා වගේ. මල කෝලම් බෝල සබන්. එයාගෙ මමා මාවත් එක්කගෙන ඩයිනින් රූම් එකට යද්දි එයත් අපේ පස්සෙන් ආවා.

කෑම මේසෙ දැක්කම නම් මම මෙහෙට ආපු කාරණෙත් මට ටිකකට අමතක උනා. අම්මේ ඒකෙ හැඩ. එක එක ජාතියෙ කෑම වර්ග පිරුන මේසෙ පුටු හයක් තියලා තිබුනා.

වාඩි වෙන්න දරුවෝ, ලැජ්ජ වෙන්න එපා.

මම හිනාවෙලා පුටුවක් ඇදන් වාඩි උනා. එයත් මගේ එහා පැත්තෙන් වාඩි උනාම මමාත් වාඩි වෙලා කෑම බෙදන්න පටන් ගත්තා. මම තියන ලැජ්ජවට ටිකක් බෙදා ගනිද්දි නැන්දම්මා ඉඳගෙන මට තව ටිකක් බෙදුවා. මමත් ඉතින් ඒකට කටින් එපා එපා කියලා හිත යටින් සතුටු වෙන ගමන් හොඳට කන්න පටන් ගත්තා. එයා නම් පාඩුවේ කෑම බෙදාගෙන කෑවා. වැඩි කතා නෑ. ඒකට එයාගෙ මමා නම් චැටබොක්ස් එකක් වගේ මාත් එක්ක කතාව. සර් කලින් කිව්වත් වගේ මෙයා එක්ක කතා කරලා බේරුමක් නෑ වගේ.

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now