Chapter 32✨(Bonus)

510 69 43
                                    

Let's gonna marry puppy....

එයා මාව තවත් එයාට තද කරගෙන කිව්වේ Gun එක අනිත් අතින් කරකවන ගමන්.... ඒ මූනේ ඇඳිලා තිබ්බ evil smirk එක නියම ලුසිෆර්ගේ හැටි මට පෙන්නද්දි මමත් එයා එක්කම ඒ පැත්තට ඇදිලා ගියේ හරියට මරන්න අරං යන හරකෙක් වගේ....

************************************

පොඩි මේසෙක පුටු තුනක් තියලා ඒ මේසේ උඩ මොනවදෝ ලියකියවිලි වගයක් තිබුනා...එයා තාමත් මාව අර විදියටම අල්ලගෙන ඉද්දි අපේ ඉස්සරහා හිටගෙන හිටිය වයසක් මනුස්සයා අපි දෙන්නා දිහා බලලා හෙමිහිට අතින් සංඥා කලේ වාඩි වෙන්න කියලා පුටු දෙක පෙන්නලා...

මාව බලෙන්ම පුටුවේ වාඩි කරපු එයාගෙ එක අතක් තාමත් මගේ වැලමිට අල්ලගෙන තියෙනකොට මට උනේ මොනවත් කර කියා ගන්න දෙයක් නැතුව ඔහේ බලාගෙන ඉන්න. වෙන මොනවා කරන්නද ඉතින්...මේක කලේ නැත්නම් මගේ මුලු පවුලම විනාස වෙන්න යන්නෙ තත්පර ගානයි...

මම මතක් කලේ මම මීට මාස කීපෙකට කලින් ගෙව්ව ජීවිතෙයි දැන් මගේ ජීවිතෙයි අතර වෙනස. මම මෙයාව දන්නෙ නැත්නම් මගේ ජීවිතේ මොන වගේ වෙන්න තිබුනද? එහෙනම් මම සතුටින් ඉඳීවි, සල්ලි නැතත් මම ලස්සනට සතුටින් ඉන්න තිබුනා. ඒත් සල්ලි පස්සෙ යන්න ගිහින් නොදන්න මල මගුල් වල පැටලිලා දැන් මගේ ජීවිතේම උඩි යටිකුරුවෙලා තියෙන්නේ...මේ සිද්ද වෙන දේවල් වලින් පස්සෙ මම දන්නවා ලේසියෙන් මට ආයේ හැරීමක් නම් නෑ කියලා. මොකද විවාහය කියන්නෙ මනුස්සයෙක්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම කනපිට හරවන්න් පුලුවන් විදියේ එක වැදගත් අවස්තාවක්, හරියටම කිව්වොත් ජීවිතේ සන්දිස්තානයක් කිව්වොත් හරි. බඳින දවසට මනුස්සයෙක් ආයෙත් සැරයක් උපදිනවා කියලා කියන්නෙ ඒකනේ. මටත් දැන් ඒක තේරෙන්න පටන් අරගෙන තියෙන්නෙ. මෙච්චර දවසක් මම එයාගෙ නීති සමහරකට යට වෙලා ජීවත් උනා. ඒත් ඒව මට ලොකුවට් දැනෙන තරම් දේවල් නෙවෙයි. ඒත් දැන් එයාව බැන්දට පස්සේ මට වෙනවා එයා කියන දේ අහන්න. මොකද මේ කොල කෑල්ලකට අත්සන් කලාට පස්සෙ සදහටම මගේ සම්පූර්ණ අයිතිය එයාගෙ නමට ලියවෙනවා...මං ගැන තීරණ ගන්න එයාට බලය ලැබෙනවා වගේම මට මගේ ජීවිතේට ඇඟිලි ගහන්න එපා කියලා තවදුරටත් එයාට කියන්න බැරි වෙනවා...මට එයත් එක්ක එකට ඉන්න වෙනවා මුලු ජීවිත් කාලයක් පුරාවටම. මගේ සම්පූර්ණ ජීවිතේම විනාස වේවි. මම කොහොමද අම්මලාට මූණ දෙන්නෙ? සමහරවිට අම්මලට මූණ දෙන්න මෙතන මම ඉතුරු වෙලා තියෙන එකක් නෑ...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now