Chapter 19✨

651 100 20
                                    

ආෂ්, මෝඩයා...

තාමත් ඉස්සර වගේමයි. අර මාන්දමික ලක්ෂණ ඔක්කොම අඩු නැතුව තියෙනවා. මූ පරිණත වෙලා තියෙන්නේ එක පැත්තකින් විතරද කොහෙද.

ඒකගේ වැඩ වලට මට හිනහයිත් එක්ක. අන්තිමට මම ආයෙත් බොස්ගේ වර්ෂන් එකට මාරු වුනේ මොන මගුල වුනත් මගේ වැඩ පාඩු කර ගන්න මම කැමති නැති නිසා...

************************************

අද මහ බිසී දවසක්. උදේ පාන්දරම අරකි ඇවිත් මුළු ඔළුවම අවුල් කරලා දැම්මා. යන්තම් ශුවා ආපු නිසා පොඩ්ඩක් විතර හිත නිදහස් වුනත් තාමත් අරකි මගේ හිත අවුල් කරපු එක මගේ හිතට වද දෙනවා. මං දන්නවා ඒකි කොහොමත් එක සැරේ මේක අතාරින්නෙ නෑ කියලා. මට මං ගැන බය නැති වුනත් මගේ හිත නිතරම වද වුනේ එයා ගැන. නිකමටවත් එයාට මේක නිසා මොකක් හරි වුනොත් ඒක මං මටම සමාව දී ගන්න පුළුවන් දෙයක් වෙන එකක් නෑ. මට මොනවා වුනත් එයාට මොකවත් වෙනවා දකින්න මම කැමති නෑ. මගේ දේවල් වලට බලෙන් පටලවගෙන මේ කොල්ලට මං නිසා මොනවා හරි වුනොත් මං ඒ දුක කොහොම දරා ගන්නද? නෑ...මට හිතන්නෙවත් බෑ ඒ ගැන.

උදේ පාන්දර වුන දේවල් වලට අවුල් වුන මොලේ දවල් වෙද්දි වැඩ වලට හිර වෙලා තවත් අතකට stress වෙන්න පටන් අරගෙන. ඒත් උදේ සිද්දිය ටිකකට හරි අමතක කරන්න වැඩ එක්ක බිසී වෙන එක හොඳයි කියලා මට හිතුනා. දවසම වැඩ කරලා කරලා දැන් නම් මට හොඳටම මහන්සියි.

හවස පහත් පහු වෙලා. මිනිස්සු වැඩ ඇරිලා කඩිමුඩියේ ගෙදර දුවන්න ලෑස්ති වෙනවා. මිනිස්සු හැමෝම දවසේ වැඩමුරේ ඉවර කරලා ගෙදර දුවන්න බලන්නේ තමන්ගේ කියලා අය ළඟ ගිහින් සැනසෙන්න. පවුලක ආදරේ සෙනෙහස විඳින්න. තමන්ගෙ දරුවොන්ගේ හුරතල් බලන්න. දවසෙම හිතේ බර ගෙදර ගිහින් අතෑරලා දාලා හිතට පොඩි සහනයක් ලබා ගන්න. පුළුවන් තරම් ඉක්මනට ගෙදර යන්නත් ඒ අයට හේතු තියෙනවා. පුතා එනකන් අම්මා මග බලන් ඉන්නවා, මහත්තයා එනකන් නෝනා මග බලන් ඉන්නවා, තාත්තා එනකන් දරුවෝ බලාගෙන ඉන්නවා. ඉතින් මිනිහෙක්ට ගෙදර යන්න හේතු බර ගානක් තියෙනවා. ඒ හැම හේතුවක්ම හරිම ආදරණීය හේතු වෙනකොට ගෙදර යන්න කිසිම හේතුවක් නැතුව මම පැය ගනන් ඔෆිස් එකේ ෆයිල් එක්ක ඔට්ටු වුන න
කාලයක් තිබුණා.

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now