Chapter 47✨

363 57 40
                                    

ඒනිසා, උඹට අඬන්න ඕන නම් උඹට මගේ උරහිස තියනවා...මේ මුලු රෑ පුරාම උනත් කමක් නෑ අඬලා හරි උඹේ දුක නැති කරන් හෙට ලස්සනට නැගිටපන්...උඹ ශක්තිමත් වෙන්න ඕන කොල්ලෝ....අපි මේකේ ඇත්ත නැත්ත හොයා ගන්න විදියක් බලමු...

පීට් මගේම සහෝදරයෙක් වගේ මගේ කැඩුණ හිත හදද්දි, මම එහෙම්මම එයාගේ උරහිසට වාරු වෙලා මගේ දුක කදුලු වලින් දිය කරලා දැම්මේ මගේ අතේ තිබුණ මගුල් මුද්ද මගේ අනිත් අතට හිර වෙලා යද්දි....

*****************************

ඇයි ඇයි මටම මෙහෙම වෙන්නේ? ඇයි හැමෝම මාව දාලා මාව මේ ලෝකේ තනි කරලා යන්නේ? මම ආදරේ කරන හැමෝම මාව දාලා ගියාම මම කොහොමද මේ ලෝකෙ ජීවත් වෙන්නේ? 

මාව දැනෙන, මගේ කියන්න කිසි කෙනෙක් මේ පොලොවෙ නැති උනාම දැනෙන හැඟීම දැනිලා තියෙනවද? මම දැන් ඒක මේ ව්ඳින ගමන් ඉන්නේ...මගේ තනියට ඉතුරු උනේ ඩන්හිල් එකක් විතරක් වෙනකොට රෑ අහස යට මම තනි වුනා...

දවල් වරුව තිස්සෙම අඬපු මම අන්තිමට රෑ වෙන්න වෙන්න තනි කමට හිත හුරු කර ගන්න පුරුදු වෙන්න පටන් ගත්තා...ඔව් මං ඇඬුවා...හිතේ දුක යනකන් කිව්වට ඒ දුක කවදාවත් මගේ හිතෙන් නැත්තටම නැති කරලා දාන්න බැරි වේවි...ඒත් මම ජීවත් වෙනවා...මොකද එයාට ඕන උනේ ඒක ...ඉතින් එයා වෙනුවෙන් මම ඒක කරනවා...

හිතින් මැරුනත් මම ගතින් ජීවත් වෙන්නම්...ඔයත් එක්ක තිබුණ ලස්සන මතක එක්ක මම ජීවත් වෙන්න උත්සාහ කරන්නම් මගේ gege...ඒත් ඇයි ඔයා මට නොකියම යන්න ගියේ....එකම එක පාරක් ඔය මූණ ආයෙමත් මට දකින්න තිබුණා නම්...

ඔය මූණ අන්තිමට ම දැකලා දැන් මාස හයකටත් වඩා වැඩියි...මට දැන් ඔය මූණ අමතක වෙන්නත් යනවද මන්දා...ඔයාගේ සුවඳ මගේ හිතින් එන්න එන්න ඈත් වෙනවා වගේ මට දැනෙන්නේ ඇයි Zhan...ඇයි මට මෙහෙම කලේ? තමුන් නිසා මම දැන් පිස්සෙක් වෙලා...

හිත හදා ගත්තා, ඔයා මගේ ඇස් මානෙන් නොහිටියත් කොතන හරි මේ ලෝකේ ඉන්නවනේ කියලා...එහෙම හිතලා මම හිත හදා ගත්තා....සදහටම හිතින් විතරක් ඔය හිතට ආදරේ කරන්න....ඒත් ඔයා ඇයි මගේ හිත කැඩුවේ gege? මේක සෙල්ලමක් නෙවෙයි...

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now