Chapter 14✨

721 113 45
                                    

කාර් එකෙන් එලියට ආවත් එයා වැඩිය ඉස්සරහට ආවෙ නැ..කාර් එකේ බොනට් එකට හේත්තු වෙලා Wenhan දිහා කිණ්ඩියට වගේ හිනා වුනා...මේකට Wenhanට හොඳටම තද උනාද මන්දා..ආයෙ දෙකක් හිතන්නෙ නැතුව Wenhan ගිහින් නැවතුනේ කිණ්ඩියට වගේ තමන්ගෙ දිහා බලන් ඉන්න Zhan ගේ ඉස්සරහා....

***************************

තමුසෙට මොකද්ද වෙලා තියෙන්නෙ අයිසේ? මේ පාර මැද්දෙ වාහනේ නවත්තගෙන මොන නාඩගමක් නටන්නද ලෑස්ති වෙන්නෙ ආ..?

Oh, Mr. Wenhan, Why are you so mad today?

කාර් එක අහකට ගන්නවා මිනිහෝ...අපිට යන්න පරක්කු වෙනවා....

ඉතින් යනවා, මං තමුසෙව අල්ල ගත්තෙ නෑනේ?

Xiao Zhan....

ඔව් ඔව් Xiao Zhan තමයි, මොකද ඔච්චර කෑ ගහන්නේ? මගේ කන් දෙක හොඳට ඇහෙනවා...ටිකක් සද්දෙ අඩු කරලා කතා කරොත් හොඳයි Mr. Wenhan...

Wenhan කොච්චර කිව්වත් කාර් එක එහාට ගන්න කියලා Zhan නෙවෙයි ඒ කිසි දෙයක් කනකට ගත්තෙ, එයා කලේ Wenhan ව තවත් විහිලුවට අරගෙන එයාගෙ තරහා අවුස්සපු එක. ඒකෙන් එයාට නම් ගොඩක් සතුටුයි වගේ... Wenhan මොකක් හරි කිව්වොත් Zhan ඒක කැපිලා යන්න තව එකක් කිව්වා...මේ දෙන්නා ආයෙත් මරා ගන්නයි යන්නේ...මරා ගන්න දෙයක් නෑ ඔන්න යුද්දය ආරම්භ වුනා...

මම ආයෙ කියන්නෙ නෑ...හොඳ හිතින් තමුසෙගේ වාහනේ පාරෙන් අයින් කර ගන්නවා...

මං එහෙම කලේ නැත්නම් තමුන් මට මොනවා කරන්නද?

තාමත් අර කිණ්ඩි හිනාව මූනෙ තියාගෙන Zhan කට කොනින් මහ අමුතු විදියට හිනා වෙලා Wenhan දිහා බලලා ඇහි බැමකුත් උඩට ඉස්සුවේ Wenhanගේ තරහා උපරිමේටම පැනලා වාන් දාන්න සලස්වන ගමන්...

තොට මම එක සැරයක් කිව්වා...පාරෙන් අයින් වෙයන් බල්ලෝ....

මොකද්ද තෝ කිව්වේ, ආ...කියපන් බලන්න ආයේ...

Wenhan කතාකරපු විදියට Zhan ටත් හොඳ්ටම කේන්ති ගියා...

මොකද තමුසේ ආ? සද්දෙද?

ඔව්...ඇයි මං සද්දෙ දැම්ම කියලා තමුසේ මගේ කට වහන්නද?

Wenhan, Zhanගේ කොලර් එකෙන් අල්ලලා එයාගේ පැත්තට ඇදගනිද්දි Zhanනුත් නිකන් හිටියේ නෑ Wenhanගේ කොලර් එකෙන් අල්ලා මූනට එබුනා...ඒත් එක්කම Wenhanට හොඳ එකෙන් අමතපු එයා Wenhanව තල්ලු කරලා දැම්මෙ එයාගෙන් ටිකක් ඈතට විසි වෙලා යන විදියට..

I'm still your husband (Zhanyi ff)[Sinhala](💯✅)Where stories live. Discover now